header logo
SLIC
උණුසුම් පුවත්
මෙරටට රැගෙන ආ ‘බටුවත්තේ චාමර’මෙහෙය වූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි
May 11, 202607:18 PM
මෙරටට රැගෙන ආ ‘බටුවත්තේ චාමර’මෙහෙය වූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි
Mobitel 1278

ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ගිනි අවිය ලබාදීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර මෙරටට රැගෙන එනු ලැබීය.

ඒ අසර්බයිජානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

දිගු කලක් ඩුබායිහි සැඟවී සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළාගොස් සිටියදී මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර පසුගිය අප්‍රේල් 07 වෙනිදා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනුණි.

ඒ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඔහුගේ පෙම්වතිය බව කියන අසර්බයිජාන කාන්තාවක් සමග සිටියදීය.

එරට රැඳවුම් කඳවුරක රඳවා සිටි සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් අසර්බයිජානය බලා පිටව ගොස් තිබුණි.

සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු අනාවරණ කර ඇත්තේ ඩුබායිවල සිටින අපරාධකරුවන් අත්අඩංගුවට පත්වන බැවින් අසර්බයිජානය ආරක්ෂිත යැයි සිතා එරටට ගිය බවය.

සැකකරු රැගත් ගුවන් යානය ගුවන්ගතවීමට මොහොතකට පෙර ඔහු, "මම හාට් පේෂන් කෙනෙක්, මගේ පපුව රිදෙනවා මට ඉස්පිරිතාලේ යන්න ඕනේ, මාව මේගොල්ලෝ මරන්න ගෙනියන්නේ, මට බෙහෙත් දෙන්නෙත් නැහැ. මාව ඉස්පිරිතාලේ ගෙනියන්න." යනුවෙන් කෑගැසූ බව විමර්ශකයින් පවසයි.

කෙසේවෙතත්, ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යූ.එල්.196 දරන ගුවන්යානයෙන් ඊයේ (10) රාත්‍රී 10.10 ට පමණ සැකකරු කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

මෙලෙස දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා භාවිත කළ බව කියන රිවෝල්වරය ඉෂාරා සෙව්වන්දිට ලබාදීම සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය මෙහෙයවීම යන අපරාධ පිටුපස මෙම සැකකරු සිටින බවට විමර්ශකයින් සැක පළ කරයි.

ඊට අමතරව මොහුට අපරාධ චෝදනා රැසක් එල්ලව ඇත.

රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී උපුල් අමරජිත් හෙවත් ආමි උපුල් නැමැත්තාගේ ඝාතනය මෙහෙයවීම, ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී තමිල්නාඩු සුනීතා හෙවත් කුඩු සුනීතා නැමැත්තිය සහ ඇගේ සහායකයා ඝාතනය මෙහෙයවීම,ගම්පහ, ජාඇල පෑලියගොඩ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම යන චෝදනා ඊට අයත් වේ.

සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමගත් සබඳතා පවත්වා ඇති අතර, ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඊබ්‍රහිම් ඩාවුඩ් කල්ලියේ මෙරට නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇතැයි සැකයක් පවතින බව විමර්ශකයින් සඳහන් කරයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්