header logo
SLIC
විශේෂාංග
මොළය වයසට යාම අඩු කරන්න ක්‍රම තුනක්
May 11, 202606:03 PM
මොළය වයසට යාම අඩු කරන්න ක්‍රම තුනක්
Mobitel 1278

අපගේ ශරීරය නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන්නේ ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා පහසු මඟක් තෝරා ගැනීමටයි.

නමුත් මොළයට වැඩි වෙහෙසක් නොදී සිටීම අපගේ ආයු කාලයට සහ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව විශේෂඥයින් සොයා ගෙන ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

මොළයට යම් අභියෝගයක් ලබාදෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොළයේ ආරක්ෂිත ශක්තිය වර්ධනය වේ.

මෙය වයසට යනවිට මොළය ආරක්ෂා කිරීමට උපකාරී වේ.

මොළය නිරෝගීව තබා ගැනීමට ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය නැත.

එදිනෙදා කරන වැඩවලදී ශාරීරික, සමාජීය සහ මානසික වශයෙන් කුඩා වෙනස්කම් සිදුකිරීම ප්‍රමාණවත්ය.

තාක්ෂණය නිසා අප බොහෝ වැඩ ඉතා පහසුවෙන් කිරීමට පුරුදු වී සිටියත්, විටින් විට මොළයට වෙහෙසක් දැනෙන වැඩවල යෙදීම මොළයට ඉතා ගුණදායක බව වාර්තාවල සඳහන් වෙයි.

ඔබේ මොළය නිරෝගීව තබා ගැනීමට නම්,

1. සිතියම් භාවිතය අඩු කර මතකයෙන් මඟ සලකුණු සහ දිශාවන් හඳුනා ගැනීම

මොළයේ මතකය සහ දිශාවන් හඳුනා ගැනීමට උදව් වන ප්‍රධාන කොටස හිපොකැම්පස් (Hippocampus) ලෙස හැඳින්වේ.

ඇල්සයිමර් (Alzheimer's) රෝගයේදී මුලින්ම බලපෑමට ලක්වන්නේ මෙම කොටසයි.

ටැක්සි රියදුරන් වැනි අය සිතියම් භාවිතා නොකර මතකයෙන් මාර්ග සොයා යන අයගේ මොළයේ මෙම හිපොකැම්පස් කොටස වඩාත් වර්ධනය වී ඇති බව ද පර්යේෂණයන්ගෙන් සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

එම නිසා මෙම ප්‍රදේශය සක්‍රීයව තබා ගැනීම ඉතා වැදගත් වේ.

2. සමාජශීලීව කාලය ගත කරන්න

පර්යේෂණවලට අනුව, මැදි වියේ සිටම අන් අය සමඟ හොඳින් ඇසුරු කරන පුද්ගලයන්ට වයසට යන විට මතකය අඩුවීමේ රෝග වැළඳීමේ අවදානම 30% සිට 50% දක්වා අඩු වන බව සඳහන් වෙයි.

අන් අය සමඟ කතාබස් කිරීම, අදහස් හුවමාරු කර ගැනීම සහ විවාද කිරීම වැනි දේ හරහා මොළයේ විවිධ කොටස් එකවර ක්‍රියාත්මක වේ.

මේ අතර, සමාජශීලී වීම මඟින් මානසික ආතතිය අඩු වේ.

අධික මානසික ආතතිය මොළයේ සෛල විනාශ වීමට ප්‍රධාන හේතුවක් වන බැවින්, මිතුරන් සමඟ කාලය ගත කිරීම එය වළක්වනු ලබන බව සඳහන් වෙයි.

තනිවම හුදෙකලා නොවී අන් අය සමඟ කතාබහ කරමින්, සතුටින් කාලය ගත කිරීම ඔබේ මොළය නිරෝගීව තබා ගැනීමට ඇති පහසුම සහ සාර්ථකම ක්‍රමයකි.

3. ජීවිත කාලය පුරාම අලුත් දේ ඉගෙන ගන්න

අධ්‍යාපනය සහ නව දේවල් ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතකරන පුද්ගලයන්ට මතකය අඩුවීමේ රෝග වැළඳීමේ අවදානම ඉතා අඩුය.

මොළය සැමවිටම අලුත් අභියෝග සහ අලුත් අත්දැකීම්වලට ප්‍රිය කරයි.

අප අලුත් දෙයක් ඉගෙන ගන්නා විට මොළයේ නව සෛල සහ සම්බන්ධතා ඇති වේ.

මෙය වයසට යෑම නිසා සිදුවන සෛල විනාශයට එරෙහිව ආරක්ෂිත පවුරක් ලෙස ක්‍රියා කරයි.

කුඩා කාලයේ ඉගෙනීමට දක්ෂ නොවූ අයෙකුට වුවද, වැඩිහිටි වියේදී විවිධ දේ ඉගෙනීමෙන් තම මොළයේ ශක්තිය වර්ධනය කරගත හැකිය.

වයසට යන විට අප එකම රටාවකට වැඩ කිරීමට පුරුදු වේ.

එම රටාවෙන් මිදී අලුත් දෙයක් කිරීම මොළයට ඉතා වැදගත් වේ.

එහිදී ගෙවතු වගාව මොළයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ