header logo
Vallibel FD
උණුසුම් පුවත්
හෙට සිට ශ්‍රී ලංකා - වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා
May 07, 202604:37 PM
හෙට සිට ශ්‍රී ලංකා - වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා
Mobitel 1278

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ සිදු කළ එරට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනාවට අනුවය.

වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවවීමත් විශේෂත්වයකි.

ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන වියට්නාම්හි ශක්තිමත් දේශපාලන සහ ආර්ථික දර්ශනය හඳුනාගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ක්‍රියාවලියට සහ විදේශ වෙළඳපොළ ජය ගැනීමට වියට්නාම් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.

විශේෂයෙන්ම නිපැයුම් සහ අපනයන ක්ෂේත්‍රයේ වියට්නාම් රාජ්‍යය ලබා ඇති අත්දැකීම් මෙරටට ලබා ගැනීමටත්, දෙරට අතර සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් මෙය අවස්ථාවක් වන බව සඳහන්ය.

කෘෂිකාර්මික නවීකරණය සහ සංචාරක කර්මාන්තය වැනි අංශයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම හරහා නව රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීමේ හැකියාව හිමි වනු ඇත.

අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වන වියට්නාම් රාජ්‍යය සමග පවත්වන සමීප සබඳතා මගින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට නව මාවත් විවර වන බව අදාළ නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව, වියට්නාමය සතු ශක්තිමත් කාර්මික පදනම සහ තාක්ෂණික දියුණුව මෙරට කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වන උත්සාහයටද දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා එරට වෙළෙඳපොළ තුළ වැඩි ඉඩකඩක් වෙන් කරවා ගැනීමටද අවස්ථාව සැලසේ.

විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය සහ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීම මගින් මෙරට තරුණ පරපුරට ගෝලීය රැකියා වෙළෙඳපොළට පිවිසීමට දොරටු විවර කිරීම සඳහා මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව වැදගත් වේ.

එබැවින් මෙය දෙරටේම ආර්ථික සමෘද්ධිය උදෙසා දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැගීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති ටෝ ලාම්‍ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව වියට්නාම් රාජ්‍ය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර ද ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ඉහළ පෙළෙහි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

ඉන් අනතුරුව දෙරටේ නායකයින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරනු ලැබීමට නියමිත බව ද සඳහන්ය.

අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති වියට්නාම්-හෝ චි මිං කලාපයේ ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ද සැලැසුම් කර තිබේ.

ඉන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදු කරනු ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ තවත් දේශපාලන නියෝජිතයන් සමග වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේදී සාකච්ඡා කිහිපයකටම එක්වේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයට සහ වියට්නාමයට ආවේණික වූ නිෂ්පාදන, සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ සහ එරට නවීන කාර්මික නිපැයුම් ප්‍රදර්ශනයටද වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේ සහභාගි වනු ඇත.

අනතුරුව, ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ශ්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය ඇමතීමට නියමිත අතර වියට්නාම් එයාර්ලයින්ස් සහ වියට්ජෙට් එයාර් මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සහ හෝ චි මිං නගරය/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා - වියට්නාම් ව්‍යාපාරික හමුවට සහභාගී වීමෙන් අනතුරුව හෙට (08) රාත්‍රියේ දී වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්