header logo
SLIC
විශේෂාංග
බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද?
May 07, 202611:06 AM
බහුතරය නැතුව විජේට මහ ඇමති පුටුව අහිමි වෙයි ද?
EDEX

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින හතරක් ගතවී ඇතත්, තමිල්නාඩු වෙට්රි කළගම් (TVK) නායක විජේ ට මහ ඇමති ලෙස දිවුරුම් දීමට මෙතෙක් අවස්ථාව හිමිව නොමැත.

වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය බවට පත්වුවද, රජයක් පිහිටුවීමට අවශ්‍ය ස්ථාවර බහුතරය සපුරා ගැනීමට නොහැකි වීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ සහාය අවශ්‍ය වේ. මෙවර මැතිවරණයේදී විජයිගේ TVK පක්ෂය ආසන 108ක් ජයග්‍රහණය කළ අතර, කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහායද ඇතිව එම සංඛ්‍යාව මේ වන විට 113 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, රජයක් පිහිටුවීමට තවත් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ සහාය අත්‍යවශ්‍යව පවතී.

මේ සම්බන්ධයෙන් TVK පක්ෂයේ ඉහළ පෙළේ කමිටුවක් VCK පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ දැඩි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (06) දිනයේදී ආණ්ඩුකාර ආර්.එන්. රවී මහතා හමුවූ විජේ, තමන්ට රජයක් පිහිටුවීමට ඇති අයිතිය ප්‍රකාශ කර සිටියද ආණ්ඩුකාරවරයා ඔහුට දිවුරුම් දීම සඳහා ආරාධනා කර නැත.

රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 118 දෙනාගේ සහාය පළ කරන ලිපි පෞද්ගලිකවම ඉදිරිපත් කළහොත් පමණක් මීළඟ පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා නිශ්චිතවම ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අසාමාන්‍ය දේශපාලන වාතාවරණය තුළ කිසියම් අකටයුත්තක් සිදුවීම වැළැක්වීම සඳහා මධ්‍යම බුද්ධි අංශය (IB) අනතුරු ඇඟවීම් කර ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුකාර මන්දිරය, TVK ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ නිවාස අසල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර කටකතා ව්‍යාප්ත වීම වැළැක්වීමට සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක්ද ක්‍රියාත්මක වේ.

මේ අතර, තමිල්නාඩු වෙට්රි කළගම් (TVK) රජයක් පිහිටුවීමට තමන් කිසිදු බාධාවක් නොකරන බව හිටපු මහ ඇමති සහ DMK නායක එම්.කේ. ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.

පෞද්ගලික පුවත් සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, තවත් මැතිවරණයක් පැවැත්වීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කිරීමට තමන් අදහස් නොකරන බවය.

කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා දැනට ප්‍රාන්තයෙන් බැහැරව සිටින බැවින් ඔහු යළි චෙන්නායි වෙත පැමිණි පසු තීරණාත්මක නිල ප්‍රකාශයක් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

TVK පක්ෂය සැලසුම් කරන්නේ එළැඹෙන මැයි 10 වන දිනට පෙර අවශ්‍ය බහුතරය පෙන්වා දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට බව විදෙස් පුවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ