header logo
SLIC
උණුසුම් පුවත්
ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල අනාගතය තීරණය කළ යුත්තේ ඔවුන්මයි - චීනය
May 06, 202603:09 PM
ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල අනාගතය තීරණය කළ යුත්තේ ඔවුන්මයි - චීනය
Mobitel 1278

ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය අනාගතයට අදාළ තීන්දු තීරණ ගැනීමේ තීරකයා ද විය යුතු බව චීනය අවධාරණය කරයි.

චීනයේ සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා හමු වූ අවස්ථාවේ දී චීන විදේශ අමාත්‍ය වං යී මහතා අද (6) බෙයිජිංහිදී මේ බව පවසා තිබේ.

ඉරාන- අමෙරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය හා ඉරාන ස්ථාවරය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී චීන පාර්ශ්වය වෙත පැහැදිලි කර ඇත.

සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටින බව හෙතෙම එහිදී පවසා තිබේ.

එමෙන්ම යුද ගැටුම් තත්ත්වය නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ඒ වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

2026 වසර දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය බවත්, ඒ නිමිත්තෙන් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද අබ්බාස් අරාග්චි මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ඉරාන - අමෙරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බව ය.

එමෙන්ම ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම් නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බවද ඔහු පවසා ඇති බව සඳහන් වේ.

තවද, ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමෙහි තීරකයා විය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත්, ඉරානය සමග ‍දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් පසු වන බවත් චීන විදේශ අමාත්‍ය වං යී මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ