header logo
SLIC
උණුසුම් පුවත්
පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි
May 05, 202610:42 PM
පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි
Mobitel 1278

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (05) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය.

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ සිද්ධිය වූ දින තමා මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියේ දුමක් වැනි දෙයක් දුටු බවත් එම ස්ථානයේ අනතුරක් සිදුවී ඇති බව වැටහුණු බවත්ය.

පසුව තමා එම ස්ථානයට ගිය බව කී සාක්ෂිකරු එම ස්ථානයේ අනතුරට ලක් වූ සංදීප් සිටිනු දුටු බවද පසුව වාහනයකට කතාකර ඔහු රෝහල කරා යැවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

පසුව එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළේ අර වාහනය යැයි පෙන්වූ බවත් ඒ අනුව තමා එම වාහනය ලුහුබැද ගිය බව කී සාක්ෂිකරු එය නවත්වන ලෙස තමා කෑ ගැසූ බවත් පැවසීය.

පසුව අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව යතුරුපැදියෙන් බැස තමා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

රියැදුරු අසුනේ අව් කණ්ණාඩියක් පැළඳ කළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳගත් උස පුද්ගලයෙකු සිටිනු තමන් දුටු බවත් එම පුද්ගලයා "මම පාඨලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න" යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසීය.

එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් එහිදී ප්‍රශ්න කළේය.

ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවක මහතාව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබීය.

තමා "පත්තර ටීවිවල නිතර දැක තිබූ නිසා" මේ පුද්ගලයාව තමන් හඳුනාගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම රිය අනතුර සම්බන්ධයෙන් මෙම නඩුවේ දෙවන විත්තිකාර දිළුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන නඩුව අවසන් කර තිබෙන බව පැවසුවේය.

එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනෙකු සිටිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ තුළින් නීතියේ ආධිපත්‍යය කෙලෙසීමක් සිදුවන බවත් චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අබේවික්‍රම මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකරය මෙම නඩු විභාගයට බාධාවක් නොවන බවය.

ඉන් අනතුරුව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුවන දිනුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබීමටද පියවර ගැනුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම, අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලීසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්