ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 10 වනදා මාතරට

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 10 වනදා මාතරට

May 5, 2026   09:07 am

වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ මීළඟ සම්මන්ත්‍රණය ලබන 10වන දින මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ (04) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා ෙේ.

හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවති අදාළ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බොහෝ පක්ෂ සාමාජිකයින් එක්ව සිටියහ.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද අදාළ සාකච්ඡාවට එක්ව තිබුණි. 

සාකච්ඡාවට එක්වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ, විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයේ නායකයා නොව සමස්ත විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවය.