header logo
SLIC
උණුසුම් පුවත්
යේමන මුහුදු සීමාවේදී ඉන්ධන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට
May 03, 202607:02 AM
යේමන මුහුදු සීමාවේදී ඉන්ධන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට
EDEX

යේමන මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ඉන්ධන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යෙමන වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත්තේ එම්ටී යුරේකා නම් නෞකාව මෙලෙස පැහැර ගෙන ඇති බවත් එම නෞකාව සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ බවය.

නෞකාව කානා වරාය අසල ඒඩන් බොක්ක ප්‍රදේශයේදී මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එය ටෝගෝ ධජය යටතේ යාත්‍රා කරමින් තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සාජා නැව් සමාගමකට අයත් නෞකාවක් බවද එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා සිට දින 8තට පමණ පෙර පිටත් වී යෙමන වෙරළ තීරයේ අල් මුකල්ලා වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබූ බවත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ මෙම නෞකාව පැහැර ගැනීමත් සමග දින 10ක් තුළ සිදුවූ දෙවන ඉන්ධන නෞකාව පැහැර ගැනීම ලෙස මෙය සටහන් වන බවය.

මින් පෙර අප්‍රේල් 22 වැනි දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මොගඩිෂු වෙත ඉන්ධන බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් සිටි හොනර් 25 නම් නෞකාවක්ද පැහැරගනු ලැබීය.

තවද පසුගිය සති දෙක තුළ පමණක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගැනීම් හතරක් සිදුකර ඇතැයිද සෝමාලියාවේ පුලුල් වෙරළ තීරය මගින් මුහුදු කොල්ලකෑම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් බවතින බවද සමුද්‍ර ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ 2011 වසරේ සිට පහත වැටෙමින් තිබූ සෝමාලි මුහුදු කොල්ලකෑම් 2023 අග භාගයේ සිට හවුත් කැරලිකරුවන් ඒඩන් බොක්ක සහ රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට නැවත ඉහළ ගොස් ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට