header logo
SLIC
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
May 02, 202606:04 PM
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Mobitel 1278

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් විසි තුන්දෙනා එළැඹෙන මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය අද (02) නියෝග කළාය.

ඒ එම චිවරධාරීන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

පසුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම ඔහුගේ මෙහෙයවීමෙන් මින්පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවද මෙහිදී අනාවරණ වී ඇති අතර ඊට ආධාර අනුබලදුන් අයෙක්ද අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත් පත්විය.

ඒ අනුව සැකකරුවන් පිරිස දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන සැකකාර අමිතානන්ද නම් චීවරධාරියා සහ සෙසු චීවරධාරීන් විසිදෙදෙනා අද පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සංචාරය අවසන් කර චීවරධාරීන් රැගෙන ආ මත්ද්‍රව්‍ය රැගෙන ආ ගමන් මලු හැර, සෙසු ගමන් මලු අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටි ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමත් මෙහිදී සිදුවිය.

අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවය.

"ස්වාමිනි, මේ සියලුම ස්වාමින් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අගුණුකොළ අමිතානන්ද හිමි විසින් මෙහෙයවා තිබෙන Whatsapp Group එකක් හරහායි. තායිලන්තයේදි ධම්මා නමින් හැදින්වුණු ධම්මරක්කිත නැමැති පැවිදි නමක් මේ ස්වාමින් වහන්සේලා රැගෙන ගිහින් නවාතැන් පහසුකම් දී තිබෙනවා. පස්සේ ධම්මරක්කිත නැමැති එම පැවිදි නමම තමයි අප්‍රෙල් 25 වැනිදා මේ ස්වාමින් වහන්සේලා යළි දිවයිනට එද්දි රැගෙන එන්න මත්ද්‍රව්‍ය සහිත ගමන්මලු දී තිබෙන්නේ.

විසි දෙනම ගමන්මලු සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ අපි කළ විමර්ශනවලදි අනාවරණය වුණා අඹගස්මුල්ලේ පුන්‍යරතන නැමැති තවත් හිමිනමක් පිළිබඳව. ඒ පුන්‍ය නැමැති හිමිනම තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු. මේ වෙද්දි එම හිමිනම සොයා අපි විමර්ශන සිදුකරනවා. මොකද එම හිමිනම තමයි චන්ද්‍රකුමාර ජයලත් නම් ගිහි පුද්ගලයෙකු සමඟ සම්බන්ධවෙලා මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරලා තියෙන්නේ. චන්ද්‍රකුමාර නැමැති පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සමඟ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා."

මෙහිදී සැකකාර ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයන්ට එරෙහිව වෙන් වෙන්ව සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.

කෙසේවෙතත් යළි වැඩිදුර විමර්ශන පිළිබඳ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීයා අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන් දැනට හඳුනගෙන ඇති ප්‍රධාන මෙහෙයුම්කරුවන් විසින් මීට පෙර අවස්ථාවකද මත්ද්‍රව්‍ය ඇතුළත් ගමන්මලු 12ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

"ස්වාමිනි, මා මුලින් සඳහන් කළ පුන්‍යරතන නැමැති හිමිනමගේ මෙහෙයවීමෙන් මීට පෙර අවස්ථාවකද මත්ද්‍රව්‍ය ඇතුළත් ගමන්මලු 12ක් මෙරටට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම මෙවර සංචාරය සඳහා ස්වාමින් වහන්සේලා ගෙනියන්න අවශ්‍ය ගුවන් ටිකට්පත් මිලදී ගන්න පුන්‍යරතන හිමි චන්ද්‍රකුමාරට රුපියල් ලක්ෂ 50ක් දී තිබෙනවා. චන්ද්‍රකුමාර ඉන් ලක්ෂ 32ක ගුවන් ටිකට්පත් මිලදීගෙන ඉතිරි මුදලින් මත්ද්‍රව්‍ය ඇතුළත් ගමන්මලු මෙරටට රැගෙන ආ පසු තියන්න නිවසක් මිලදීගෙන තිබෙනවා. ඒ වගේම දැනට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා පුන්‍යරතන නැමැති හිමිනම මේ ස්වාමින් වහන්සේලා සම්බන්ධ කරදීම වෙනුවෙන් අගුණුකොළ අමිතානන්ද හිමිට රුපියල් 80,000ක් දී තිබෙනවා කියලා. "

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය එළැඹෙන මැයි මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප