header logo
SLIC
උණුසුම් පුවත්
'යාල් දේවී' හා 'උත්තර දේවී' තවමත් ධාවනයට එක්කර නෑ - දුම්රිය ස්ථානාධිපතිවරු
May 02, 202608:46 AM
'යාල් දේවී' හා 'උත්තර දේවී' තවමත් ධාවනයට එක්කර නෑ - දුම්රිය ස්ථානාධිපතිවරු
Mobitel 1278

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත්වූ මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගයන්හි අලුත්වැඩියා කටයුතු අවසන් වුවත්, 'යාල් දේවී' ඇතුළු දුම්රිය කිහිපයක් තවමත් ධාවනයට එක්කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දුන්නේ, උත්තර දේවී සීඝ්‍රගාමී දුම්රියද මේ වෙනතුරු ධාවනයට එක්කර නොහැති බවය.

අනෙකුත් මාර්ගවල දුම්රිය ධාවනයද සීමා සහිත වී ඇති බවද පෙන්වා දෙන එම සංගමය, මෙලෙස ප්‍රධාන දුම්රිය ධාවනය නොකිරීමෙන් මඟීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ, මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයට කිසිඳු වැඩපිළිවලක් නොමැති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ සෝමරත්න මහතා,

"දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මන්නාරම මාර්ගයේ, උතුරු මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සියල්ල මේ වනවිට නිමවෙලා තියෙනවා.

නමුත් දුම්රිය හිඟකම නිසා තලෙයිමන්නාරම දුම්රිය, ප්‍රධානම දුම්රියවන කන්කසන්තුරේ දක්වා ධාවනය වූ 'යාල් දේවී' දුම්රිය තවමත් ධාවනයට එක් කරගන්න බැරි තත්ත්වයක පවතිනවා.

ඒ වගේම 'උත්තර දේවී' සීඝ්‍රගාමී දුම්රියත් මේ වෙනතුරුත් ධාවනයට එක් කරන්න බැරි වෙලා. අනෙකුත් මාර්ගවලත් දුම්රිය ධාවනය සීමාසහිත වෙලා.

මේ පිළිබඳව නිසි පියවර ගැනීමේ සූදානමක්වත් දෙපාර්තමේන්තුව මට්ටමෙන් නෑ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උත්සාහ කළත්, අමාත්‍යාංශ මට්ටමෙන් අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැති ආකාරයක් අපිට පෙනී යන්නේ. මේ නිසා දිනෙන් දින මගීන්ට දැඩි පීඩනයකට ලක්වෙන්න සිද්ධ වෙලා.

එමෙන්ම රජයේ සේවකයන්ගේ අලුත් මාසයට අදාළ ප්‍රවේශපත්‍ර නිසි පරිදි දුම්රිය ස්ථානවෙත එවලා නෑ" යැයි පැවසීය.

අනෙකුත් මගීන්ගේ ප්‍රවේශ පත්‍රද කලට වේලාවට ලබානොදීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවැනි පරිපාලනමය ගැටලු ගණනාවක් තිබෙන බවත්, මේ තත්ත්වයත් සමග දෙපාර්තමේන්තුව දිනෙන් දින පරිහානියට පත්ව බවත් සුමේධ සෝමරත්න මහතා පැවසීය.

ඉන්ධන අර්බුදය පවතින අවස්ථාවක, දුම්රිය ප්‍රවාහනය වැඩිකළ යුතු බවට යෝජනා ඉදිරිපත්කර ඇතත්, ප්‍රවාහන අමාත්‍යවරයා ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම ගැනද ඔහු සිය අප්‍රසාදය මෙහිදී පළකර සිටියේය.

"විදුලි දුම්රිය ආරම්භ කිරීමට පෙර පවතින දුම්රිය ප්‍රමාණය යථා තත්ත්වයට පත්කර දුම්රිය මාර්ග නඩත්තුව නිසි පරිදි කරන්න.

මුහුදුබඩ මාර්ගය දැඩි අබලන් තත්ත්වයක පවතින්නේ. පීලි මාරු නොකර, වේග සීමා පමණක් යොදාගෙන කරන මෙම කටයුතු නිසා මගී ජීවිත අනතුරට ලක්වන තත්ත්වයක දුම්රිය දෙපාර්තමේන්තුව පවතින්නේ" යැයිද පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප