හජ් වන්දනා සමය ආරම්භ කරමින් ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

හජ් වන්දනා සමය ආරම්භ කරමින් ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

May 1, 2026   09:25 pm

2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය අද (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගොස් ඇත.

මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.

මෙම ප්‍රථම වන්දනා ගමන සදහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එස්.වී.- 839 දරන එම ගුවන් යානය අද (01) දින රාත්‍රී 09.05ට කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියේය.

2026 වසරේ මෙම වන්දනාව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3,500 දෙනෙකු තෝරා ගෙන ඇති අතර, ඔවුන් මෙම සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවා යානා මගින් ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතය.