යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයෙන් අමෙරිකාවට නව යෝජනාවක්
May 1, 2026 08:17 pm
යුද්ධය අවසන් කිරීම සඳහා වන නවතම යෝජනාව පාකිස්තාන මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය වෙත යවා ඇති බව ඉරානය පවසයි.
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා ඇනහිට ඇති බවක් පෙනෙන්නට තිබූ පසුබිමක මෙම නවතම තත්ත්වය වාර්තා වී තිබේ.
දෙරට අතර සටන් විරාමයක් සඳහා අප්‍රේල් 8 වැනිදා එකඟතාවයකට පැමිණි නමුත්, වඩාත් ස්ථිර සාමය පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
