header logo
SLIC
උණුසුම් පුවත්
දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා නව වැඩපිළිවෙලක්
Apr 30, 202602:06 PM
දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා නව වැඩපිළිවෙලක්
EDEX

2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරිමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදී තිබේ.

මෙම වැඩපිළිවෙළ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කර ඇති අතර, අනාගත පරපුර දුම්කොළ හා දුම්වැටි නිෂ්පාදනවලින් සුරක්ෂිත කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විද්වත් වෘත්තික සංවිධානය මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරිම සඳහා ගතයුතු ඉතා වැදගත් පියවර 02 ක් පෙන්වා දී ඇත.

ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරිම සඳහා සංශෝධන රැගෙන ඒම වන අතර, දෙවැන්න “දුම්කොළ රහිත අනාගත පරපුරක්” යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලුම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරිම සහ තහනම් කිරිමයි. ලෝකයේ බොහෝ රටවල් ද මෙම නීතිය සම්මත කරගෙන ඇත.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම උදෙසා සිදු කරන කැපවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, ‌දුම්කොළ සහ මධ්‍යසාර දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා වන බාධාවක් බව ද පෙන්වා දෙන ලදි.

පනතේ විශේෂ අවස්ථා සහ සංශෝධන පිළිබඳව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දැනුවත් කිරීමට‌ ද මෙහි දී අමාත්‍යවරයා කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව මෙරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් සහ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස තමා දකින බවත්, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අංශ රැසක් මෙම කර්තව්‍ය අවසන් අධියර දක්වාම රැගෙන යාමේ දැවැන්ත අධිෂ්ඨානයක සිටින බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහි දී අමාත්‍යවරයාට පැවැසීය.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පෙන්වා දෙන ලද්දේ මෙරට සිදුවන මරණවලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් බෝනොවන රෝග නිසා සිදු වන බවයි.

එම මරණවලට ප්‍රධාන හේතුව දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදන බව ද පැවැසීය.

ලෝකයේ වර්ෂයකට මිලියන 80 කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා මියයන බවත්, මේ අතරින් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් සෘජු දුම්කොළ නිෂ්පාදන නිසාත් සියයට 10 ක් පමණ අක්‍රීය දුම්පානය නිසා මිය යන බවද පෙන්වා දෙන ලදි.

මධ්‍යසාර භාවිතය නිසා ද විශාල ජිවිත ප්‍රමාණයක් අහිමි වනවා මෙන් ම සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව ද පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාව ද දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන භාවිතය හේතුවෙන් සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් මෙන් ම පුළුල් සමාජමය බරපතළ ගැටලු රැසකට පත්ව ඇති බවත්, මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 කට ආසන්න බව ද පෙන්වා දුනි.

දුම්කොළ හා මධ්‍යසාර වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වන පළමු ප්‍රවේශය බව ද මෙහි දී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු මහතා පෙන්වා දෙන ලද්දේ දුම්කොළ සහ දුම්වැටි නූතන මානව වර්ගයාට බලපාන ඉතා භයානක සෞඛ්‍ය අභියෝගයක් බවයි.

දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා බලපාන ප්‍රධාන බාධකයක් ලෙස දුම්වැටි හදුනාගෙන ඇති බව ද පාසල් පද්ධතිය තුළ තරුණ දරුවන් අතර දුම්වැටි භාවිතය යම්කිසි ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙන බව ද පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට