header logo
SLIC
විශේෂාංග
ගැස්ට්‍රයිටිස් සහ අක්මාවේ තෙල් තැන්පත් වීම නිහඬ මාරයෙක් ද ?
Apr 29, 202603:44 PM
ගැස්ට්‍රයිටිස් සහ අක්මාවේ තෙල් තැන්පත් වීම නිහඬ මාරයෙක් ද ?
Mobitel 1278

ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් 25%ක් පමණ, එනම් සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව නවතම සෞඛ්‍ය දත්ත හෙළි කරයි.

මීට අමතරව, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) වර්තමානයේ බරපතළ සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති.

ගැස්ට්‍රයිටිස් රෝගය සහ අක්මාවේ තෙල් තැන්පත්වීම පිළිබඳව අද (29) පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය හමුව අමතමින් මේ සම්බනධයෙන් වෛද්‍යවරුන් පැහැදිලිකිරීමක් සිදු කළේය.

ගැස්ට්‍රයිටිස් - සරල රෝගයක්ද? නැතිනම් බරපතළ අනතුරු ඇඟවීමක්ද?

ඇඹිලිපිටිය රෝහලේ ආමාශය, ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුෂී අබේනායක මහත්මිය පවසන්නේ, ආමාශයේ ඇතුළත සෛල පටලයේ ඇතිවන ප්‍රදාහය හෙවත් 'ගැස්ට්‍රයිටිස්' තත්ත්වය අද වන විට බහුලව දක්නට ලැබෙන බවයි.

ප්‍රධාන රෝග ලක්ෂණ: පපුව දැවිල්ල, උදරයේ වේදනාව, බඩ පිපීම සහ සුළු ආහාර ප්‍රමාණයකින් කුස පිරුණු බවක් දැනීම.

මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතු සාධකය වන්නේ Helicobacter pylori නම් බැක්ටීරියාවයි, ඊට අමතරව දිගුකාලීනව වේදනා නාශක භාවිතය, වැරදි ආහාර රටා (අධික තෙල් සහ මිරිස්), මානසික ආතතිය සහ මත්පැන්/දුම්පානය වැනි දෑ හේතු වේ.

විශේෂයෙන්ම, වයස අවුරුදු 45ට වැඩි පුද්ගලයන්ගේ බර අඩුවීම, වමනය සමඟ රුධිරය පිටවීම හෝ මලපහ තද කළු පැහැයෙන් පිටවීම වැනි ලක්ෂණ පවතී නම්, එය පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණ විය හැකි බැවින් වහාම එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණයකට යොමුවීම අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කරයි.

අක්මාවේ තෙල් තැන්පත් වීම

පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය පියල් රංගන හේරත් මහතා පෙන්වා දෙන්නේ, අක්මාවේ තෙල් තැන්පත් වීම බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් එය 'නිහඬ ව්‍යසනයක්' ලෙස හැඳින්විය හැකි බවයි.

අවදානම් කාණ්ඩ - මධ්‍යසාර භාවිත කරන පුද්ගලයන් මෙන්ම, මධ්‍යසාර භාවිත නොකළද දියවැඩියාව, අධික ස්ථූලතාව සහ කොලෙස්ටරෝල් සහිත පුද්ගලයන් මේ සඳහා වැඩි අවදානමක් දක්වයි.

නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මෙය අක්මාව සිරෝසිස් (Cirrhosis) තත්ත්වය දක්වා වර්ධනය වී මාරාන්තික විය හැක.

සුවපත් දිවියකට වෛද්‍ය උපදෙස්

මෙම රෝගී තත්ත්වයන් දෙකම පාලනය කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පොදුවේ ඉදිරිපත් කරන උපදෙස් කිහිපයක් ඇත.

දිනකට අවම වශයෙන් විනාඩි 30ක් ව්‍යායාම කිරීම සහ ශරීර බර පාලනය කිරීම.

තෙල්, සීනි සහ මිරිස් අධික ආහාර අවම කිරීම. කුඩා ආහාර වේල් කිහිපයක් නියමිත වේලාවට ලබා ගැනීම.

වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව වේදනා නාශක හෝ වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය සැඟවී යා හැක.

රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීම.

"කළු කෝපි (සීනි සහ ක්‍රීම් රහිත) මධ්‍යස්ථව භාවිත කිරීම අක්මාවේ සෞඛ්‍යයට හිතකර බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි" වෛද්‍ය පියල් රංගන හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රෝගී තත්ත්වයන් මුල් අවධියේදී හඳුනාගැනීමෙන් සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පූර්ණ සුවය ලැබීමට මෙන්ම බරපතළ සංකූලතා වළක්වා ගැනීමටත් හැකියාව පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව