header logo
SLIC
ක්‍රීඩා
වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?
Apr 27, 202608:15 PM
වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?
Mobitel 1278

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය.

වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉරණම විසඳෙන විශේෂ විධායක කමිටු රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී හෙට (28) කැඳවා ඇති අතර එහිදී ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වෙයි.

අදාළ තීරණය එළැඹෙන බදාදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

වත්මන් ක්‍රිකට් පරිපාලන ඉල්ලා අස්වුවහොත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට රජය සැලසුම් කර තිබේ.

ශම්මි පරිපාලනය ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව දැඩිව සලකාබැලීම , ඉදිරි වසරේ කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන්ගේ විනය අනිවාර්යෙන් සලකා බැලීම ආදි ජනප්‍රිය නොවන දැඩි තීන්දු කිහිපයක්ම ගෙන ඇති පසුබිමකයි.

එමෙන්ම ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව ඔවුන්ට ගෙවීම් සිදුකිරීම , නිසිමට්ටමට නොමැතිනම් ඔවුන්ගේ ගෙවීම් මෙන්ම, වැටුප් ද කප්පාදු කිරීම ආදි දැඩි තීන්දුද ඒ අතරට ඇතුළත්.

ශම්මි පරිපාලන ගෙන ආ ක්‍රමවේදයට අනුව ඉදිරියේදී තරගාවලි ජයග්‍රහණ සඳහා ප්‍රසාද දීමනා හිමිවන්නේ ශ්‍රෙණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණය.

එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්, එම තරගාවලියේ තරග ගාස්තුවෙන් 10%ක මුදලක් කපා හැරෙනු ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කුමන වෙනස්කමක් සිදුවුවද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වත්මන් පරිපාලනය ගෙන ඇති මෙම තීන්දු එලෙසම ක්‍රියාත්මක කිරීමට හැකිනම් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉවහල් වනු නොඅනුමානය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා