
කුරුණෑගල, හෙරලියාවල අලකොළදෙනිය අතුරු මාර්ගයේ දී මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.







































