header logo
SLIC
උණුසුම් පුවත්
පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට
Apr 22, 202607:16 PM
පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර සියලු කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

රැදවුම් භාරයේ සිටින මෙම නඩුවේ තුන්වැනි සැක්කාර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා විසින් කර තිබූ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

"ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS,අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ.

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා. වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා.

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ" යැයි පැවසීය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයට පෙර සමයේ මෙරට තුළ සිදුවූ සිදුවීම් මාලාවක සම්බන්ධතාවයක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

"ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා.

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා.

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා.

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා.

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා".

මෙහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස පැවසීය.

"මේක ක්‍රීඩාවක් නොවෙයි. සංවේදී ප්‍රශ්නයක්. අධිකරණය හමුවේ කියන සෑම වචනයක්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට යොමුවීමක් වියයුතුයි. යුක්තිය ඔප්පු වෙනවානම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙන්න ඕනේ. එතැනින් පහළ සියලු දේවල් හුදෙක් මතවාද.

සත්‍යය අසත්‍ය මොකක් වුණත්, ඔප්පු කරගන්න බැරිනම් වැඩක් නැහැ. විමර්ශන නිලධාරීන් සාධාරණ සැකයෙන් ඔබ්බට කියන භාරය හිතේ තියාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න."

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

"ස්වාමිනි, විමර්ශන අවස්ථාවේ අපි බලන්නේ සාධාරණ සැකය. එය ඔප්පුවනවාද, නැද්ද යන්න තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. නමුත් මේ වෙද්දි මේ විමර්ශනය කරගන්න බැරි තරමින් බාධා එල්ලවෙමින් තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවන්ට දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ප්‍රකාශ ඉවත්කරගන්න කියලා බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. දැනට ඔබ ඉදිරියේ ප්‍රකාශ දී තිබෙන කලීල් කියන සාක්ෂිකරුගේ නිවසට පසුගිය නඩුවාරයෙන් පස්සේ යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් ගිහින් තර්ජනය කරලා තියෙනවා.

පස්සේ එම පුද්ගලයාගේ නිවසට අත්බෝම්බ 05ක් සහ පිස්තෝලයක් දාලා දැනට නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මාර්ගයෙන් STF හරහා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරලා තියෙනවා. මොකද ඔහු තමයි රාජපක්ෂ යුගයේ STF අණදෙන නිලධාරියා"
.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් මෙසේ ප්‍රශ්න කළා.

"ඔබ කියන්නේ දැනටත් පොලිස් සේවයේ සිටින ඉහළම නිලධාරියෙක් මේ විමර්ශනවලට බලපෑම් කිරීමට සම්බන්ධයි කියලාද? "

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා,

"ඔව් ස්වාමිනි, මම වගකීමෙන් කියන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක්. ඔහු TID අධ්‍යක්ෂවෙලා ඉද්දි පාස්කු ප්‍රහාරයට දවස් 7කට කලින් ජමීල් කියන්නේ අහිංසකයෙක් කියලා Report එකක් එවලා. එහෙම ජමීල් තමයි පස්සේ බෝම්බ පුපුරුවාගත්තේ."

මෙහිදී නැවතත් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා,

"ඔය කියන නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි තිබෙනවාදැයි ප්‍රශ්න කළා.

"නැහැ. ස්වාමිනි දැනට සෘජු සාක්ෂි නැහැ. නමුත් අපි විමර්ශන කරමින් යනවා" යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම විමර්ශනයට සහය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයාට සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, රටේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නීතිපතිවරාගේ බලයට යටත්වන බැවින් එය අභිබවායාමට කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිපතිවරයාටම පියවරගත හැකි බවය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳවද අදහස් දැක්වීය.

"ස්වාමිනි, 2018 - 2019 සමයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින සමයේ සහරාන් හෂිම්ගේ මල්ලිවන ශෙයිනිව බන්ධනාගාරය තුළදී හමුවූ බවට අසාද් මවුලානා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ හමුවීම සඳහා හඳුන්වාදීම කර ඇත්තේ මේ සැකකාර සුරේෂ් සලේ".

එහිදී මහෙස්ත්‍රාත්වරයා අසාද් මවුලානා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

"ඔහු ඉන්න තැන අපි සොයාගෙන ඉන්නේ. ඔහු රැඳී සිටින්නේ ප්‍රංශයේ. ඔහු සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපි ඔහුව ප්‍රංශ තානාපති කාර්යාලයට ගෙන්වා ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නවා".

අනතුරුව සැකකාර ‍රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු දැක්වීය.

"ස්වාමිනි, පැමිණිල්ල කිව්වා ඝාතන කිහිපයක නම් කියලා මගේ සේවාදායකයා ප්‍රහාරක කණ්ඩායම් යැව්වා කියලා. ඔය සිද්ධි බොහෝමයක් වෙද්දි ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නොවෙයි. ඒ වගේම ඇතැම් සිද්ධි වෙද්දි ඔහු රටේත් නැහැ. ඒ වගේම මගේ සේවාදායකයාට එරෙහිව චෝදනා එල්ල කරන අසාද් මවුලානා කියන පුද්ගලයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ලබාදී තිබෙන පිටු 18ක ප්‍රකාශය මම කියෙව්වා.

එකේ ඔහු සහරාන්ව හඳුන්වා තිබෙන්නේ Hero ලෙස. ඒ වගේම දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ඔහු අපේ රට බොහෝ පහළට දාලා තිබෙනවා. ඔහු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනෙක් සහ අධිකරණ පද්ධතියත් විවේචනය කරලා තියෙනවා.

ඉතිං මම නිශ්චිතව කියන්නේ ඔහු කවදාවත් මේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්න ලංකාවට එන්නේ නැහැ. ආවොත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන අනිත් කරුණුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා.

මගේ සේවාදායකයා රඳවා තිබෙන කුටිය අසල කුටියක පුද්ගලයෙක්ට මේ වෙද්දි මීයෙක් කාලා මහාමාරිය හැදිලා තියෙනවා. ඒ වගේම ඔහු මානසිකව පසුබැහැලා ඉන්නේ.

ඔහු වෙනුවෙන් මම ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳවත් සලකා බලන්න".

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝග ප්‍රකාශයට පත්කළේය.

"අධිකරණය විමර්ශනය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. තුන්වැනි සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ත්‍රස්තවාදීන්ට පල්ලි පෙන්වීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි පවතිනවා. නමුත් අනිත් කරුණු සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකර කරුණු තහවුරු කළ යුතුයි.

ඔප්පු කළ නොහැකි කරුණු ඉදිරිපත් කර වැඩක් නැහැ.තුන්වැනි සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙනවා නම් ඒ පිළිබඳ යළි සිතා බලා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න".

ඒ අනුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් වූ රැදවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඔහු රැඳවුම් භාරයේ තබාගෙන ඉදිරි නඩු දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ