header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි
Apr 19, 202602:50 PM
ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි
EDEX

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ.

මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මන්දිරයේදී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද හමුවී තිබුණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්විණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා 'X' පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පොදු ඉතිහාසය සහ සංස්කෘතික සබඳතා මත පදනම් වූ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම කෙරෙහි නායකයන් දෙපළගේ අවධානය යොමු වූ බවය.

මෙහිදී ඉන්දියාවේ "අසල්වැසියාට ප්‍රමුඛත්වය" ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන කැපවීම ඉන්දීය උප ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය යොමුකර තිබේ.

"ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

අද උදෑසන 9:30 ට පමණ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

https://youtu.be/UzurGlDyqkU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට