ලෙබනනයට එල්ල කළ ප්‍රහාර එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි ලෙස හෙළා දකී
April 9, 2026 11:45 am
ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස හෙළා දැක තිබේ.
මෙම ප්‍රහාරවලින් ළමයින් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
මහලේකම්වරයා වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් සඳහන් කළේ, "සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වීම මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දකින අතර, දිනෙන් දින ඉහළ යන සිවිල් මරණ සංඛ්‍යාව පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලට පත්ව සිටී." යනුවෙනි.
ලෙබනනය තුළ දැනට පවතින මෙම හමුදා ක්‍රියාකාරකම්, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයට "බරපතළ අවදානමක්" එල්ල කරන බව ද මහලේකම්වරයා පෙන්වා දී තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි සතුරුකම් නතර කරන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් යළිත් ඉල්ලා සිටියි.
මෙම ගැටුමට කිසිදු "හමුදාමය විසඳුමක්" නොමැති බව ද එම නිල ප්‍රකාශයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
