ඉරානයේ වානේ නිෂ්පාදනයෙන් 70%ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වෙයි
April 3, 2026 09:49 pm
සිය ප්‍රහාර හමුවේ ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් 70%ක් පමණ විනාශ වී ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඒ හේතුවෙන් අවිආයුධ නිෂ්පාදනය කිරීමට ඉරානයට ඇති හැකියාවට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
"අපගේ අමෙරිකානු මිතුරන් සමඟ එක්ව, අපි ඉරානයේ භීෂණ පාලනය දිගින් දිගටම මර්දනය කරනවා. අපි අණදෙන නිලධාරීන් ඉවත් කරමින්, පාලම් සහ යටිතල පහසුකම්වලට බෝම්බ හෙළමින් සිටිනවා. මෙය ඉරාන විප්ලවවාදී මාරක බලකායේ මූල්‍ය සම්පත් මෙන්ම අවිආයුධ විශාල ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවද අහිමි කරන දැවැන්ත ජයග්‍රහණයක්." ලෙසින් එහිදී ඔහු සඳහන් කර ඇත.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ රටවලට අදත් (03) මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් කුවේට් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක් ද ගිනිගෙන තිබේ.
