header logo
SLIC
උණුසුම් පුවත්
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්
Apr 01, 202601:37 PM
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්
Mobitel 1278

වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් සිය සංගමයේ 23,000කට අධික වෛද්‍යවරුන් එලෙස බලහත්කාරයෙන් සේවය කිරීමට සූදානම් නොමැති බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළ කළේ මෙවන් අදහසක්.

"මැයි 10 වෙනකොට ස්ථානමාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරු වීමට නියමිතයි. ඒක පෙබරවාරි පළවෙනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13නේම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියායි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරුව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමති. මේකට අකමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා."

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අද මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.

"සෞඛ්‍ය ඇමතිතුමා අසත්‍ය ප්‍රචාර කිහිපයක්ම කරලා තිබුණා. අපි හිතන්නේ සෞඛ්‍ය අමාත්‍ය තුමාට අප්‍රේල් 1 වෙනිදායි 31යි දෙකම ඔත්තේ නිසා මාරු වුණාද දන්නේ නෑ බොරු කියන කොට. කරගන්න බැරුව තිබුණ ස්ථානමාරු විශාල සංඛ්‍යාවක් 2019 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය අරන් වැඩකරලා 98%කට එහා සාර්ථකත්වයකින් යුතුව අපි සම්පූර්ණ කරා. 2026 වසරේ වාර්ෂික ස්ථානමාරු ගත්තොත් පෙබරවාරි වගේ පටන් ගත්තේ. දැන් මාස 2ක් ගිහින්. 6,000වගේ ස්ථාන මාරු කරන්න තියෙනවා. හරියට බැලුවොත් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් තමා ස්ථානමාරු සිදුවෙලා තියෙන්නේ. එතකොට සෞඛ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහා පාරම්බානවා හොඳට කරා කියලා. මාස දෙකක් ගිහින් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක්වත් කරගන්න බැරිව සෞඛය අමාත්‍යාංශය කොච්චර ෆේල්ද කියලා."

"‍වෛද්‍යවරු කාගෙවත් අණකට යටවෙලා ඉන්න කැමති නෑ. එහෙම අවශ්‍යත් නෑ. වෛද්‍යවරු විදියට අපි කාටවත් ණයත් නෑ. බයත් නෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 23,000කට වැඩි වෛද්‍යවරු වහල්ලු විදියට වැඩකරන්න කිසිසේත්ම ලෑස්ති නෑ. එහෙම වැඩකරන්න ලෑස්ති වෙනවා නම් අමාත්‍යවරයාට අභියෝග කරනවා, ඔබතුමාට හැප්පෙන්න නම් ඕනේ හැප්පිලා බලමු. ඔබතුමාට දෙන්න ඕනේ උත්තරේ රජයේ වෛද්‍යවරු විදියට අපි දෙන්න ලෑස්තියි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ