header logo
SLIC
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Apr 01, 202606:30 AM
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Mobitel 1278

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (01) දින 33ක් ගතවී ඇත.

................................

Update - 8.45PM

ඉරානය විසින් කිසිදු සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.

---------------------------

Update - 8.15PM

පසුගිය මාර්තු 02 වනදා ආරම්භ වූ ඊශ්‍රායල ආක්‍රමණය සහ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ලෙබනනය තුළ අවම වශයෙන් පුද්ගලයින් 1,318 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් තවත් පුද්ගලයින් 3,935 දෙනෙකු තුවාල ලබා ඇත.
----------------------------

Update - 6.48PM

ඉරාන නව නායකයා තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය 'Truth' සත්‍ය සමාජ ගිණුමේ සටහනක් තබමින් මේ බව පැවසීය.

-------------------------------

Update - 5.48PM

ඉරානය සමඟ පවතින යුද්ධයට අනෙකුත් රටවල් සක්‍රීයව දායක නොවීම හේතුවෙන් අමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් කරගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අනතුරු අඟවා ඇත.

--------------------------

Update - 4.35PM

අමෙරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ සිදු කිරීමට සැලසුම් කළ උත්සව ශාලා (Ballroom) ඉදිකිරීම් ව්‍යාපෘතිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව නතර කර ඇත.

------------------------------

Update - 4.21PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ මධ්‍යම සහ නිරිතදිග ප්‍රදේශවල පිහිටි ප්‍රධාන වානේ කර්මාන්තශාලාවලට ප්‍රහාර එල්ල කර ඇත.

--------------------------

Update - 3.40PM

ලෙබනනයේ බේරූට් නුවරට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙකු ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

----------------------------

Update - 2.16 PM

ඉරානයේ සහාය ලබන යේමනියේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට එරෙහිව සිය තෙවන ප්‍රහාරය එල්ල කළ බව ප්‍රකාශ කර ඇත.

---------------------------

Update - 1.30 PM

යේමනයේ හූති සංවිධානය මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි.

ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බවයි.

එහිදී ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට එකඟ වීම සහ ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කරන ප්‍රහාරවලට හවුල් නොවීම බව යේමනයේ හූති සංවිධානය පවසා තිබේ.

-----------------------------

Update - 1.13 PM

ඉරානයේ දකුණු දිග බුෂෙහ්ර් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
----------------------------------

Update - 1.00 PM

ඉරානයේ සිට කටාර් රාජ්‍යය ඉලක්ක කර මිසයිල තුනක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

ඉන් මිසයිල දෙකක් අහසේදීම විනාශ කිරීමට කටාර් ආරක්ෂක අංශ සමත් වී ඇත.
------------------------------

Update - 12.45 PM

ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නගරයක් වන ඉස්ෆහන් නගරය තුළ ප්‍රබල පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

------------------------------

Update - 12.40 PM

ඉරානයේ ප්‍රබල හමුදා නිලධාරියෙකු ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අයෙක් බව සඳහන් වෙයි.
-----------------------------

Update - 11.05 AM

කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය ඒජන්සිය පවසයි.

-----------------------------

Update - 10.20 AM

ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරය ඉලක්ක කර ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.

මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරාන රජයේ යටිතල පහසුකම් එනම් රජයට අයත් වැදගත් ස්ථාන සහ ගොඩනැගිලි ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි.

--------------------------------

Update - 10.14 AM

ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටු ප්‍රධානී ඒබ්‍රහිම් අසීස්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය නිසැකවම යළි විවෘත වන නමුත්, එය ට්‍රම්ප් වෙනුවෙන් විවෘත නොවන බවයි.

--------------------------------

Update - 10.08 AM

ඊශ්‍රායල හමුදාවට අයත් ඩ්‍රෝන යානයකට දකුණු ලෙබනනයේදී මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත.

-------------------------------

Update - 9.40 AM

පසුගිය මාසය තුළ ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර වාර 800කට වඩා සිදු කර ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.

මෙම ප්‍රහාර සඳහා විවිධ වර්ගයේ බෝම්බ 16,000ක් පමණ භාවිතා කර ඇති බව සඳහන් වෙයි.

මෙහිදී ඉරාන සොල්දාදුවන් සහ අණදෙන නිලධාරීන් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්, ඉලක්ක 4,000කට වැඩි ප්‍රමාණයකට පහර දුන් බවත් ඊශ්‍රායලය පවසයි.

ඉරාන බලධාරීන් පවසන පරිදි අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 1,937 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
--------------------------------

Update - 8.45 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ටෙහෙරාන් නුවර ඖෂධ නිෂ්පාදනාගාරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරාන සෞඛ්‍ය අංශ පවසන පරිදි, ප්‍රහාරයෙන් එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඒකක සහ පර්යේෂණ අංශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.
-------------------------------

Update - 8.38 AM

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරක් එල්ල වී ඇත.

-----------------------------

Update - 8.30 AM

අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ භූගත හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.

----------------------------

Update - 7.58 AM

අමෙරිකාව සමඟ ඉරානය පණිවිඩ හුවමාරු කරගනිමින් සිටින බවත් යුද්ධයේ අවසානයක් පෙනෙන්නට ඇති බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යුද්ධය සඳහා වැඩි කාලයක් ලබාගැනීමේ අදහසින් ඉරානය සිදුකරන ව්‍යාජ සාකච්ඡාවන්ට කිසිවිටෙකත් අමෙරිකාව ඉඩනොදෙන බවය.

.................................

Update - 6.30AM

ඉරානය යුද්ධය පරාජයට පත්වෙමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉරානය ගිවිසුමකට එළැඹෙන ලෙස අයැද සිටින බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

ඉරානයට න්‍යෂ්ටික අවියක් ගොඩනගා ගත නොහැකි බවට සහතික වූ විට අමෙරිකාව යුද්ධය අවසන් කරන බවද ඔහු සඳහන් කරයි.

අමෙරිකාව දෙසතියකින් හෝ සති 3 කින් යුද්ධයෙන් ඉවත්වන බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ අතර ඉරාන ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහා තවත් බ්‍රිතාන්‍ය හමුදා සහ එක්සත් රාජධානියේ ගුවන් ආරක්ෂක පද්ධති මැද පෙරදිගට යොදවා ඇත.

මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ යම් යම් අවශ්‍යතා සපුරාලන තෙක් අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ යුද්ධය අවසන් කිරීමට ඉරානයට අවශ්‍ය නොවන බවය.

අනාගත ආක්‍රමණයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා "අනිවාර්ය සහතිකයක් " ඇතුළත් විය යුතු බව ඔහු පවසා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ