දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද
March 30, 2026 09:58 am
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව ඇත.
ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.
