header logo
SLIC
උණුසුම් පුවත්
'වල්පොල ලලා' තියුණු ආයුධ සමග අත්අඩංගුවට
Mar 24, 202609:31 AM
'වල්පොල ලලා' තියුණු ආයුධ සමග අත්අඩංගුවට
Mobitel 1278

නිවාසවලට ඇතුළු වී සොරකමේ යෙදෙන පුද්ගලයෙකු තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සමගින් මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජකාරියේ නිරතව සිටි ⁣මුල්⁣ලේරියාව පොලිසියේ පොලිස් කණ්ඩායමක් වල්පොල හන්දියේදී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියක පැමිණ ඇති මෙම පුද්ගලයා සන්තකයේ මත්ද්‍රව්‍යවලට අමතරව තරාදියක් ද තිබීම හේතුවෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී ඔහු එම තරාදිය මාලබේ ප්‍රදේශයේ වෙළඳසැලකින් සොරකම් කළ බවත් එය විකිණීමට සූදානමින් සිටි බවත් පාපොච්චාරණය කර ඇත.

ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සොයාගෙන ඇති අතර, ඒවා භාවිත කර අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

සැකකරු විසින් ගෑස් සිලින්ඩර්, වතුර මෝටර් වැනි භාණ්ඩ සොරකම් කර හීනටියන කුඹුර පාරේ පදිංචිකරුවෙකුට විකුණා ඇති අතර එම භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම අවිස්සාවේල්ල මාර්ගයේ යකඩ බඩු වෙළඳසැලකින් යකඩ භාණ්ඩ සොරකම් කර විකිණූ බවත්, මුල්ලේරියාව – අවිස්සාවේල්ල මාර්ගයේදී ද රුපියල් 30,000ක මුදලක් සොරකම් කළ බවත් සැකකරු විසින් හෙළි කර ඇත.

මෙම සියලු කරුණු අනුව, සිද්ධීන් හයකට සැකකරු සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන සුමිත්‍ර ආරච්චිගේ ලලන්ත ගුණවර්ධන නොහොත් "වල්පොල ලලා" නමැති පුද්ගලයෙකි.

සැකකරු අද (24) අලුත් කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි