
සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒ, න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය ඉල්ලා ඇති පසුබිමකය.
දකුණුදිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරය වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් පමණ දුරින් මෙම මිසයිල ප්‍රහාරය පතිතවී ඇති බව සදහන්ය.
මේ අතර, දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් නගරයටද ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

















































