අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි
March 21, 2026 12:41 pm
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
අමෙරිකානු වේලාවෙන් ඊයේ එරට කොටස් වෙළෙදපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබේ.
ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1% කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී ඇත.
මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව සිව්වන වරටත් වීම සුවිශේෂීය.
