සිය බුද්ධි අංශ අමාත්‍යවරයා ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි
March 18, 2026 06:54 pm
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් 'Esmail Khatib'ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඊයේ )17) රාත්‍රියේ එල්ල කරන ලද ප්‍රහාරයකින් ඛතීබ් ඝාතනය කළ බව ඊශ්‍රායලය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙම සිදුවීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් දැඩි වී ඇති අතර, ඉරාන රජය මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
