header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි
Mar 18, 202604:21 PM
ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි
Mobitel 1278

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතක. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරිත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් පවතිනවා. ලොව විවිධ කලාපවල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් පවතිනවා. නිරවි යුද්ධයෙන් පසු බිහිවූ ලෝකය දැන් වෙනස් වෙමින් පවතිනවා."

"කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක් කලාපයක් වන්නේ ඉන්දියන් සාගරයයි."

"වසර දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වුණා. ඉන්දියානු සාගරය සමාජයන් බෙදා වෙන් කරනවා වෙනුවට ඒවා එකිනෙක සම්බන්ධ කළා."

"ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව එම සම්බන්ධතාවයේ පැරණිතම උදාහරණයක්."

"ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් පමණ මෙම මුහුදු තීරය හරහා ගමන් කරන අතර, ලොව බහාලුම් ගමනාගමනයෙන් අඩක් පමණ එහි මුහුදු මාර්ග ඔස්සේ සිදුවෙනවා."

"මෙම මාර්ගවලට තර්ජන එල්ලවූ විට, එහි ප්‍රතිවිපාක මුළු ලොවටම දැනේ. මෑතකාලීන ගෝලීය සිදුවීම් මෙම ස්ථාවරත්වය කෙතරම් බිඳෙනසුලු විය හැකිද යන්න අපට මතක් කර දෙනවා."

"මැදපෙරදිග නොසන්සුන්තාවන් බලශක්ති වෙළෙඳපොළ සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි දිගින් දිගටම බලපාන අතර ප්‍රධාන බලවතුන් අතර උපායමාර්ගික එදිරිවාදිකම් සමුද්‍රීය කලාප තුළ වඩ වඩාත් දෘශ්‍යමාන වෙයි. මේ නිසාම, ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය යළිත් වරක් තීරණාත්මක වී තිබෙනවා."

"උපායමාර්ගිකව සංවේදී කලාපවල පිහිටි රටවල් සඳහා, විදේශ ප්‍රතිපත්තිය සමතුලිතතාවය, දුරදක්නා නුවණ සහ විනය මගින් මෙහෙයවිය යුතුයි. අපගේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත යුතු අතර අපගේ සමුද්‍රීය කලාපය සුරක්ෂිත කළ යුතුයි."

"ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ යටිතල පහසුකම් ඉන්දියාවේ ආර්ථික පරිමාණයට අනුපූරක වන අතර අපගේ රටවල් දෙකට එක්ව කලාපීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය ශක්තිමත් කළ හැකියි."

"කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ අභ්‍යවකාශ තාක්ෂණය තවදුරටත් හුදු ආර්ථික අංශ පමණක් නොවේ. ඒවා ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය බලය හැඩගස්වන උපායමාර්ගික ක්ෂේත්‍ර වෙයි."

"මගේ පරම්පරාවට උරුම වී ඇත්තේ ගෝලීය වෙනස්කම්වලට හුදෙක් ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, එය මෙහෙයවීමට සහ හැඩගැස්වීමට ඇති වගකීමයි."

"එදිරිවාදිකම්වලට වඩා සහයෝගීතාවය ඉහළින් පවතින සහ ජාත්‍යන්තර නීතිය මගින් ස්ථාවරත්වය මෙහෙයවන ලෝකයක් ගොඩනැගීමේ වගකීමයි."

"ඉන්දියන් සාගරය සැමවිටම පැවති ආකාරයටම - ශිෂ්ටාචාරයන් අතර පාලමක් ලෙස පැවතිය යුතුයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපයේ රටවල් මෙම මුහුදු තීරය විවෘත, සුරක්ෂිත සහ සහයෝගීතාවයෙන් යුක්තව පවත්වා ගැනීමට එක්ව කටයුතු කළ යුතුයි."

"මන්ද, ඉන්දියන් සාගරය ස්ථාවර නම් ගෝලීය ආර්ථිකයද ස්ථාවර වනු ඇත."

"එය සාමයේ, සහයෝගීතාවයේ සහ පොදු සමෘද්ධියේ සාගරයක් ලෙස පවතින බව සහතික කිරීම අපේ පරම්පරාවේ වගකීමයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ