header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි - ජනපති කියයි
Mar 17, 202605:10 PM
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි - ජනපති කියයි
Mobitel 1278

ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ හමුවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ඊයේ (16) අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිලද ඉහළ යාම සලකා බලා ගොවි ජනතාවටද බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ජනතාවට ලබා දීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මෙන්ම තොග ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබද තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාව සොයා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් විය.

බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබා දීම මේ වන විට සිදු වන අතර එම කෝටා ප්‍රමාණයන්හි ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

ඊයේ දින ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ලියාපදිංචි කිරීමේ කටයුතු අරම්භ කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත ඉන්ධන ලබා දීම සිදු වන අතර, එම ක්‍රියාවලිය පහසුකර ගැනීම සඳහා ගොවි සංගම් මැදිහත් කර ගත හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

වරාය මෙහෙයුම් සහ ගුවන් තොටුපොළ කටයුතු සඳහා ඉන්ධන ලබා දීමේදී මතුව ඇති තත්ත්වය පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසීමටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු සහ වැවිලි ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම, මතුව ඇති තත්ත්වය හමුවේ උපරිම ඉන්ධන පිරිමැසුම් ක්‍රියාවලියක් සහතික කිරීම පිළිබඳ සාකච්ඡා කර තොරතුරු රැස් කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙන අතර, ඖෂධ ප්‍රවාහනය සහ රෝහල් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත තොරතුරු ලබා දී ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ක්‍රමවත්ව සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවත්, එම කටයුතු සැලසුම් සහගතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහිදි සාකච්ඡා විය.

පවතින තත්ත්වය හමුවේ ජාතික ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

නිරන්තරයෙන්ම යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යමින් සහ ඒවා සමාලෝචනය කරමින් මතුව ඇති තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ මැදිහත්වීම සිදු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, යන මහත්වරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සංචාරක මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ