header logo
SLIC
උණුසුම් පුවත්
සිවිල් වැසියන්ට එරෙහි එල්ල කරන සියලු ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකියි
Mar 15, 202606:49 PM
සිවිල් වැසියන්ට එරෙහි එල්ල කරන සියලු ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකියි
Mobitel 1278

සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි සෑම ප්‍රහාරයක්ම හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසයි.

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය මේ බව සඳහන් කළේ, මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

සිවිල් ජනතාවට ඍජු තර්ජනයක් වන, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව සිය කනස්සල්ල ද එහිදී ප්‍රකාශ කර තිබේ.

සෑම අයුරකින්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ මූලික වගකීමක් බව ශ්‍රී ලංකා අවධාරණය කරයි.

මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය සහ ගෝලීය සාමය ආරක්ෂා කිරීම සඳහා සිය කැපවීම තුළ ස්ථිරව සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

බරපතළ මානුෂීය අර්බුදය සැලකිල්ලට ගනිමින්, ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට ඍජුවම බලපාන තත්ත්වයන් සහ සියලු රටවලට අත්විඳීමට සිදුවී ඇති එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වන වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීන්ත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ අරමුණුවලට ගරු කිරීමේ අවශ්‍යතාව යළිත් ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා දැඩි ලෙස කැපවී කටයුතු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙම ඉපැරණි මූලධර්මවලට ගරු කරන ලෙසට යුද්ධයට සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවයන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙවැනි අවස්ථාවක උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවත් මෙම භයානක තත්ත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීම සඳහා සාකච්ඡා සඳහා නැවත එළැඹෙන ලෙසත් ශ්‍රී ලංකා අවධාරණය කරයි.

කලාපය තුළ සහ ඉන් ඔබ්බට ස්ථාවරත්වය සාමය සහ ආරක්ෂාවට එල්ල වන බරපතළ තර්ජනය සැලකිල්ලට ගනිමින්, අර්ථිවත් සංවාදයක නිරත වන ලෙසත්, ගැටුම්කාරි වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ