header logo
SLIC
උණුසුම් පුවත්
ආබාධිත ප්‍රජාවට වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාව අප්‍රේල් මාසයේදි ධාවනයට
Mar 13, 202611:39 AM
ආබාධිත ප්‍රජාවට වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාව අප්‍රේල් මාසයේදි ධාවනයට
Mobitel 1278

මෙරට ආබාධිත ප්‍රජාව සඳහා ගමන් කිරීමට දිවයිනට ගෙන්වන ලද පත්ල පහත් බස් රථ එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ධාවනයට එක් කිරීම සැලසුම් කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මෙම බස් රථ ධාවයනට එක් කිරීම සහ ව්‍යාපෘතියේ ආරම්භය සම්බන්ධව පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම බස් රථ සඳහා ආබාධිත ප්‍රජාවට අමතරව ඕනෑම සිවිල් පුරවැසියෙකුටද ගොඩවීමට හැකියාව ඇති නමුත් ගමන ආරම්භයේ සිට ගමන අවසානය දක්වා ආබාධිත පුරවැසියෙක් යම් ස්ථානයක සිටියොත් ඔහුට බස් රථයේ ඉඩ ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙම බස් රථ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

එහිදී මාර්ග 5ක් හඳුනාගෙන ඇතැයිද පළමුව මාකුඹුර සිට පිටකොටුව සහ මාකුඹුර සිට කඩවත දක්වා මාර්ග දෙක සඳහා මෙම විශේෂිත බස් රථ සේවාව ගමන් ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම එළැඹෙන අගෝස්තු මාසය වන විට තවත් බස් රථ 100ක් ඇනවුම් කර ඇති බවත් ජපන් ආධාර මත තවත් බස් රථ 8ක්ද මෙරටට ලැබීමට නියමිත බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ අනුව කැස්බෑව - පිටකොටුව, පානදුර - ටවුන්හෝල්, පානදුර - බත්තරමුල්ල මාර්ග සඳහාද මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක මහතා,

"මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ තමයි අපි දැනට මේක නතර කරලා තියෙන්නේ. ඒකට හේතුව මෙතන ඉඳලා තමයි අපි අපේ ඔපරේෂන් එක පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මාර්ග 5ක් අපි හඳුනගෙන තිබෙනවා ආබාධිත ප්‍රජාවට විශේෂ සැලකිල්ලක් දැක්වීම සඳහා නමුත් අපිට ඉක්මනින්ම මේ මාර්ග 5 විවෘත කර ගැනීමට හැකියාවක් නැ. ඒ නිසා මාර්ග දෙකක් තෝරගත්තා. එකක් තමයි මාකුඹර සිට පිටකොටුවට යන මාර්ගය. මේක බත්තරමුල්ල, බොරැල්ල, ටවුන්හෝල් හරහා පිටකොටුවට යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

ඊළඟ එක තමයි මාකුඹුර ඉඳලා කඩවතට යන්න. මේක මහරගම අපේක්ෂා රෝහල, නාවින්න, කිරුළපන, බේස්ලයින් පාරේ ගිහිල්ලා පෑලියගොඩ, කැලණිය විශ්ව විද්‍යාලය හරහා කඩවතට යනවා. මේක තමයි අපි දැනට අප්‍රේල් මාසය ඇතුළත පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ.

ඒ අතරතුර නව බස් රථ ඇණියක් එනවා. අපි බලාපොරාත්තු වෙනවා අගෝස්තු මාසය ඇතුළත අපිට මේ ඔපරේෂන් එක පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අපි බස් 100ක් ඇනවුම් කරලා තිබෙනවා. ඒ වගේම අපිට ජපන් ආධාරයක් ලැබිලා තිබෙනවා. තවත් නවීන බස් රථ 8ක්. මේ ටික ඔක්කොම අගෝස්තු මාසය ඇතුළත ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අගෝස්තු මාසයේදි තවත් මාර්ග තුනක් ඒ කියන්නේ කැස්බෑව - පිටකොටුව, පානදුර - ටවුන්හෝල්, පානදුර - බත්තරමුල්ල කියන මාර්ග තුනත් අපි විවෘත කරනවා.

මෙතනැදි ආබාධිත පුද්ගලයින් වගේම ගර්භිණී මාතාවන්ට, වැඩිහිටි පුද්ගලයින්ට, සහ එවැනි අවශ්‍යතා තියෙන අයට ආරක්ෂිතව කොහොමද සේවාව සපයන්නේ කියලා ගැටලුවකට අපි ආවා. එතැනදි අපි බස් රථය ඇතුළත ටිකට් කඩන එක ඉවත් කර කාඩ්පතකින් ගෙවීමේ කටයුතු හඳුන්වලා දෙනවා අපි මුළ ඉඳලාම. නමුත් අපි පොඩි කාලයක් දෙනවා සල්ලි ගෙවලා යන්නත්. ඒ සඳහා රිය සහායක පුහුණු කරමින් යනවා මේ දවස්වල. ඒ කියන්නේ කොහොමද ආබාධිතයෙක් ආවාම එයාට සලකන්නේ, එයාව ගන්නේ කොහොමද, එයාව අදාළ තැනින් රෝද පුටුවක් නම් ඒක කොහොමද ස්ථානගත කරන්නේ, ලොක් කරන්නේ, අන්ලොක් කරන්නේ ආදී සියලුම පුහුණුවක් ඇතුළත් දින 7ක පූර්ණ කාලීන පුහුණුවක් අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ අනුව එම රිය සහායකයින් මේ දවස්වල පුහුණු කරමින් පවතිනවා.

අපි උත්සාහ කරනවා සුව පහසුව ඇතුළුව හරි වෙලාවට මේ බස් රථය නියමිත නැවතුම්පොළ දක්වා ගෙන යන්න. මේ සඳහාම වූ ඩිජිටල් පද්ධතියක් අපි මේදවස්වල නිර්මාණය කරමින් පවතිනවා. මේ ඩිජිටල් පද්ධතිය හරහා ඕනැම අයෙකුට පුළුවන් එයාට ඕන බස් එක මේ වෙලාවේ කොහෙද තිබෙන්නේ හෝල්ට් එකට එන්නේ කීයදට, ඉඳගෙන යන්න සීට්ස් තියෙනවාද, හිටගෙන යන්න පුළුවන්ද කියන එක අපි විසින් එළිදක්වන මේ ඇප් එකේ තියෙනවා.

ඒ වගේම රෝද පුටුවක් මේ බස් එකට ගැනීමේදී මේ බස්නැවතුම්පොළවල් තිබෙන ප්‍රශ්න කිහිපයක් හඳුනගෙන තිබෙනවා. ඒ නිසාම මේ සඳහා විශේෂිත වූ බස් නැවතුම්පොළවල් මෙට්‍රෝ සඳහාම හදන්න අපි සැලසුම් කරලා තිබෙනවා. හේතුව තමයි අපේ බස් රථය වෙලාවට නැවතුම්පොළ වෙත යන්න ඕනේ. අන්න ඒ සඳහා මෙට්‍රෝ සඳහාම වූ බස් නැවතුම්පොළවල් නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙනවා. බස් හෝල්ට් එකේ අපි ඩිජිටල් ඩිස්ප්ලේ බෝඩ් එකක් දාලා තිබෙනවා. මේකෙදි ඇස් පෙනීම තිබෙන ඕනැම කෙනෙකුට බලාගන්න පුළුවන් බස් එක එන වෙලාවයි යන වෙලාවයි. අනිත් අයටත් දැනගන්න අපි සිස්ටම් එකක් හදලා තිබෙනවා බටන් එකක් ප්‍රෙස් කරපුවාම වොයිස් එකක් එළියට එන්න එතැනදි බස් එකේ විස්තර ටික ඕනෑම කෙනෙකෙුට දැනගන්න පුළුවන්.

ඒ වගේම බස් එක ඇතුළෙත් කමිනියුකේෂන් සිස්ටම් එකක් තිබෙනවා. ඒ වගේම බස් රථයේ ඇතුළේ ඩිස්ප්ලේ බොඩ් එකෙත් තියෙනවා කොයි වෙලාවට කොයි රූට් එකේද යන්නේ කියලා. මේ ආකාරයට තමයි මේ බස් 10 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා