header logo
SLIC
උණුසුම් පුවත්
බලශක්ති සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්
Mar 10, 202610:29 PM
බලශක්ති සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්
EDEX

කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පවසන්නේ මැද පෙරදිග යුධමය තත්ත්වය සැලකිල්ලට ගෙන බලශක්ති සහ ඉන්ධන පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

"අපි කවුරුත් දන්නවා අපේ රට මීට වසර කිහිපයකට පෙර ඉතා විශාල බිඳ වැටීමකට ලක් වුණා. ආර්ථික බිඳ වැටීමකින් පසු කිසිදු දෙයක් ඉතිරි වන්නේ නැහැ. සියල්ල ඇණ හිටිනවා. ඒ නිසා ආර්ථිකයක් බිඳ වැටීම සමාජ දේහයට මොනතරම් විනාශයක් ගෙන එනවාද යන්න පිළිබදව අපි කාටත් ඉතා අමිහිරි අත්දැකීමක් මෑත කාලයේ තිබෙනවා. එසේ නම් රජයක් ලෙස අපිට පැවරුණු පළමු වගකීම වූයේ ආර්ථිකය පිළිබඳ යළි විශ්වසය කැටුව ඒමයි. ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමට නම් ඒ ආර්ථික චලනය පිළිබද ඔබ විශ්වාස කළ යුතුයි. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගිය යුතුයි.

අපි බලය ලබා ගන්නා විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වී තිබුණා. එම විස්තීරණ ණය වැඩසටහන තුළ අපිට ඉලක්ක සහ යම් පරාමිතීන් හඳුන්වා දී තිබුණා. ඒ පරාමිතින් පසෙක තැබුවත් ආර්ථිකයක් පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි සාධක කිහිපයක් තිබෙනවා. මා හිතනවා ඒ සාධක කිහිපයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීමේ පරාමිතීන් සහ අපි අපේක්ෂා කරන ලද පරාමිතීන් සියල්ල අභිබවා ඉතා සාර්ථක පරාමිතීන් ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තිබෙනවා.

ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කිරීම, ජංගම ගිණුමේ ශේෂය ධන අතිරික්තයකට ගෙන ඒම, දශක ගණනාවකට පසු 2025 වසරේදී 17.2%ක ආදායමක් වාර්තා කිරීම සහ ලංකාවේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වසර බවට 2025 වසර පත් කර ගැනීම එම සුවිශේෂ ජයග්‍රහණ වෙනවා. ඒ නිසා දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි. හැබැයි අපිට අවශ්‍ය නොසෙල්වෙන ආර්ථිකයක්. ඒ වගේම බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි ඇති කළ යුතුයි. බාහිර සහ අභ්‍යන්තර කම්පන හමුවේ ආර්ථිකය කඩා වැටෙනවා නම් ආර්ථිකයක් ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අද අපි ගොඩනඟමින් සිටින්නේ එවැනි අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක්.

හැබැයි මේ මොහොතේ අපිට බාහිර කම්පනයක් එල්ල වී තිබෙනවා. මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වය භාණ්ඩ හා සේවා සැපයුම්වලට බාධා එල්ල කරමින් තිබෙනවා. ලෝකය වෙළෙඳපොළින් ගැට ගැසී තිබෙනවා. එලෙස විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ගැට ගැසුණු ලෝකය තුළ ඇතිවන ඕනෑම කම්පනයක් අපිට බලපෑමක් ඇති කරනවා. එසේ නම් අපි එම බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක වැදගත්.

සාමාන්‍යයෙන් මාර්තු මාසයේ ආරම්භයේදී බොරතෙල් බැලර් එකක් ඩොලර් 70ක වගේ මිලකට තිබුණා. දැන් ඩොලර් 100ට ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්විට එය 42%ක වර්ධනයක්. බොර තෙල් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වෙමින් තිබෙනවා. ඒ නිසා ලෝකයේ සියලු දෙනාම මේ අවිනිශ්චිත තත්ත්වයේ පැටලුණු පංගුකරුවන් වී තිබෙනවා. ඒ වගේම සමාජ හැසිරීමත් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මම පුරවැසියන්ට කිසිසේත් චෝදනා කරන්නේ නැහැ. තෙල්, ගෑස් අහිමි වීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ගිණි පෙල්ළෙන් බැට කෑ කෙනා කණාමැදිරි එළියටත් බයයි කියලා කියමනක් තිබෙනවා. ඒ නිසා ජනතාව ඉන්ධන පෝළිම්වල සිටිනවා. ඉන්ධන එක් රැස් කරන්න පටන් ගන්නවා. මාර්තු මාසයේ පළමුවෙනිදා අපේ ඩීසල් අළෙවිය කිලෝලීටර් 4500ක්. මාර්තු මාසයේ 03 වෙනිදා අපේ ඩීසල් අලෙවිය කිලෝලීටර් 10500යි.

පෙට්‍රල් අලෙවිය කිලෝලීටර් 4000ක වගේ සිට 9000 දක්වා ඉහළ ගියා. දැන් නැවත 6000ට අඩු වී තිබෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිවෙකුට තනි තිනව මෙයින් සුරක්ෂිත විය නොහැකියි. තනි තනිව අපි හැම කෙනාම මේ වෙනුවෙන් යමක් දරා ගනිමින් ඊට මුහුණ දිය හැකි නම් අපි සියලු දෙනාට මෙයින් ගොඩ ඒමට හැකියි.

මේ බාහිර කම්පනය අපිට යම් බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා තමයි අපිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වුණේ. අපේ ඉන්ධන වෙළෙඳපොළෙන් 47%ක් භාහිර ආයතන අතේ තිබෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. ඒ වගේම ඉන්ධන සාමාන්‍ය පරිභෝජන තලයට ගෙන ආ යුතුයි. මා යෝජනා කරන්නේ අපි සියලුදෙනා එකතු වී එය තවත් ටිකක් පහළට ගෙන ආ යුතුයි.

2022 අර්බුදය මතු වුණේ මොකක් නිසාද, ලෝකයේ සැපයුම් මාර්ග අඩාල වී නොවයි, ඉන්ධන සංචිතවලට පහර දී නොවයි. අපිට ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් හිඟ වීම නිසයි. හැබැයි දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. බිලියන 7.2ක විදෙස් සංචිත අපිට තිබෙනවා. ඒ නිසා අද අර්බුදයක් ආවොත් එය සිදු වන්නේ සැපයුම් මාර්ගවල අර්බුදයක් නිසා. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග සියල්ල පිළිබඳ මිතුරු රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ වගකීම තමයි අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීම. එය බිඳ වැටීම අපි මේ ආර්ථිකයේ අත්පත් කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් කෙටි කාලයකට නතර වීමට හේතු වෙනවා. ඒ නිසා රජයක් ලෙස අපේ පූර්ණ සැලැස්ම වන්නේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීමයි.

අපිට අඛණ්ඩ බලශක්ති සැපයුමක් දැන් සහතික කළ හැකියි. හැබැයි අපි සියලු දෙනාටම එය පුරෝකථනය කළ හැක්කේ උපරිම මාස දෙකක් සඳහා පමණයි. මාස 02කට වඩා මේ යුද්ධය පැවතියහොත් අපේ පුරෝකථනවලින් තේරුමක් නැහැ.

මේ යුගය තාක්ෂණය සහ විද්‍යාව විසින් යුද්ධයට මහා බලයක් නිර්මාණය කර දී තිබෙන යුගයක්. ඒ නිසා මෙම ප්‍රබල අවි මහෙයුම් විසින් කවර තත්ත්වයක් නිර්මාණය කරනු ඇත්දැයි අපිට පුරෝකථනය කරන්න බැහැ. අපිට කෙටි කාලයක් පුරෝකථනය කළ හැකියි. එහෙත් එම කාලය අභිබවා යුද්ධය ඉදිරියට පැවතියහොත් කිසිදු ජගතෙකුට එය පුරෝකථනය කරන්න බැහැ. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම් ලබා දෙන බවට. හැබැයි මිල උච්ඡාවචනය විය හැකියි. මම තෙල් ළිඳක අයිතිකරුවෙක් හෝ තෙල් සමාගමක නියෝජිතයෙක් නිසා මට ලාභ ගන්න මේවා කරනවා නෙවෙයි. හැබැයි ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තිබෙනවා අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දෙන්න.

ඒ සඳහා අවශ්‍ය මූලෝපාය සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තර කම්පනයට මුහුණ දීමට අපිට හැකි වූණා. එහෙත් බාහිර කම්පනයට මුහුණ දෙන්න අපිට තව ටික කාලයක් යයි. අපි මේ ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටි අවස්ථාවක්. ඒ නිසා අපිට කම්පනයක් ඇති කර තිබෙනවා. හැබැයි අපි ඉතා හොඳින් එම කම්පනය කළමනාකරණය කරමින් එය සමනය කර ගැනීමට උත්සාහ දරමින් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්ව මෙම කම්පනයට මුහුණ දෙමු. මේ අපි සියලුදෙනා තමන් ගැන වගේම පොදුවේ සියලුදෙනා ගැන සිතමින් තීන්දු තීරණ සහ භාවිතාවන්වලට එළැබිය යුතු වෙලාවක් කියා මම විශ්වාස කරනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍ය වෙයි. ලෝකයේ අර්බුදයට ලක් වූ රාජ්‍යයන් ගොඩගියේ සුපුරුදු පරිදි සිය පරිභෝජන රටා අනුවම නෙවෙයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක අපි සියලුදෙනා යම් සංයමයකට ආ යුතුව තිබෙනවා. ඒ නිසා යම් සංයමයක් සහ පරිස්සම්කාරී ආර්ථික ක්‍රියාකාරකමකට එක් වෙමුයි කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. එය අපි සියලුදෙනා එක්ව මේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාවතයි.

ඒ වගේම අපි දිගු සැලැස්මක් සකස් කර තිබුණා. ඩිජිටල්කරණය එහි ප්‍රධාන කොටසක් වෙනවා. අපි විශාල අවස්ථාවන් අහිමි කරගත් ජාතියක්. ලෝකය සෑම විටම විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් නව ආර්ථිකයක් නිර්මාණය කරනවා. පසුගිය සියවස ගත්විට ලෝකයේ විද්‍යාවේ හා තාක්ෂණයේ විවිධ ක්ෂේත්‍රවල අලුත් පිමි අපි දකිනවා. නමුත් ඊට සමාන්තර ලෙස අපේ තාක්ෂණය සහ විද්‍යාව පෙළ ගස්වා ගැනීමට අපි අසමත් වුණා. ඒ නිසා ලෝකය සමඟ ඉදිරියට යාමට අපි සමත් වුණේ නැහැ. ඩිජිටල්කරණය, කෘත්‍රීම බුද්ධිය, දත්ත මධ්‍යස්ථාන මේ යුගයේ නව තාක්ෂණය ආර්ථික අවස්ථා බවට පත්ව තිබෙනවා. ඒ නිසා මේ යුගයේ නව තාක්ෂණයේ ආර්ථික අවස්ථාවලින් අපි ප්‍රයෝජනගත යුතුයි. අපි රජයක් ලෙස උපරිම උත්සාහ ගනිමින් තිබෙන්නේ විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය අපේ රටේ ගොඩනැගීමටයි.

ඒ වගේම ඩිජිටල්කරණයේ මහා පිම්මක් ගත යුතුයි. ඒ සඳහා අපි විශාල වෙහෙසක් දරමින් කටයුතු කරමින් සිටිනවා. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 6.5කට ආසන්න මුදලක් අපි ඩිජිටල්කරණය සඳහා වැය කර තිබෙනවා. මේ වසර අවසානයට පෙර කෙසේ හෝ ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති වී තිබෙන පසුගාමීත්වය සහ අකාර්යක්ෂමතාව සියල්ල අවම කරගත හැකි වනු ඇතියි.

ඒ වගේම සමස්ත රාජ්‍ය දේහයම පරිවර්තනයකට ලක් කිරීම වෙනුවෙන් අපි මේ වන විට වැඩ කරමින් සිටිනවා. මෙම කටයුතු අතර රටේ ආර්ථිකයේ විශාල පංගුවක් තිබෙන්නේ ඔබ අතයි. ඔබ ඔබගේ ව්‍යාපාරය දෙගුණයකින්, තෙගුණයකින් වර්ධනය කරන්න. ඒ සඳහා අපෙන් කෙරෙන්න ඕන මොනවද කියලා කියන්න. රජයක් ලෙස අපේ කාර්යභාරය ඔබට අවශ්‍ය ඒ සේවාවන් සැපයීමයි. ඔබ සෑම කෙනෙක්ම දැන් තිබෙන මේ ව්‍යාපාරය වසර දෙකක්, තුනක් ඇතුළත 100%කින් වර්ධනය කරමින් ඔබේ ව්‍යාපාරය රටේ ආර්ථිකයේ පංගුකරුවෙක් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. "

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට