
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මධ්‍යම බුද්ධි ඒජන්සි (CIA) මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
රියාද් හි තානාපති කාර්යාල සංකීර්ණයට ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව සහ සෞදි අරාබිය තහවුරු කර ඇතත්, මෙම ප්‍රහාරයේ ඉලක්කය CIA මධ්‍යස්ථානයද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව රොයිටර් පුවත් සේවය පවසයි.
ප්‍රහාරය තානාපති කාර්යාලයේ වහලයේ කොටසක් කඩා වැටී ඇතුළත දුමෙන් වැසී ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
තානාපති කාර්යාලයට හානි සිදුව තිබුණ ද එහි කාර්ය මණ්ඩලයට එම ස්ථානයේ සිටින ලෙස ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.


















































