අමෙරිකාවේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ලන්ඩනයේ දී පොලිස් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ලන්ඩනයේ දී පොලිස් අත්අඩංගුවට

February 24, 2026   06:43 am

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ කාර්යාලයක විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට මැන්ඩෙල්සන් සාමිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

72 හැවිරිදි මැන්ඩෙල්සන් සාමිවරයා උතුරු ලන්ඩනයේ, කැම්ඩන්හි පිහිටි සිය නිවසේ සිටිය දී පොලීසිය විසින් ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

රජයේ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටිය දී ලිංගික අපරාධකරුවෙකු සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ආමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුව සේවයෙන් පහකරනු ලැබීය.