header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට - විභාගය ලියන්න පොලීසියෙන් පිළිසරණක්
Feb 23, 202608:05 PM
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට - විභාගය ලියන්න පොලීසියෙන් පිළිසරණක්
Mobitel 1278

පියෙකුගේ පහරදීමෙන් රෝහල් ගතවු සිසුවියකට අද (23) පැවති සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දර්ගා නගරයේ පදිංචි සිසුවියක් පසුගිය සෙනසුරාදා පැවති විභාගයට මුහුණ දී නිවසට පැමිණ, දහය වසරේ ඉගෙනුම ලබන නැගණියද සමඟ අසල මිතුරිකගේ නිවසට ගොස් ආපසු පැමිණීමට ප්‍රමාදවී තිබුණි.

පසුව දරුවන් දෙදෙනාට කලින් නිවසට පැමිණ සිටි පියා මේ සම්බන්ධයෙන් උරණ වී දියණියන් දෙදෙනාටම පහරදී ඇත.

පහරකෑමට ලක් වූ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණිය හා දහය වසරේ ඉගෙනුම ලබන දියණිය මෙම පියාගේ පහරදීම ඉවසාගත නොහැකිව අලුත්ගම පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පසුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම පැමිණිල්ල සටහන් කර සිසුවියන් දෙදෙනාව අලුත්ගම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව ඔවුන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත.

එහිදී ඇය අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ වැඩිමහල් දියණිය සියල්ල පවසා ඇති අතර, ඒ අනුව ස්ථානාධිපතිවරයා අද උදෑසන පොලිස් ජිප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබාදී සිසුවියට අවශ්‍ය ආහාර පාන හා පෑන් පැන්සල් සියල්ල ලබාදී කළුතර නාගොඩ රෝහලේ අවසරය මත විභාග මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා තිබුණි.

පස්වරු 4.10ට විභාගය අවසන් වූ පසු නැවත නාගොඩ ශික්‍ෂණ රෝහල වෙත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ සිසුවියව රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

එම සිසුවියන් දෙදෙනා මවගේ රැකවරණය අහිමිව පියා සමඟ ජීවත් වෙමින් සිටිය දී මෙම අවසනාවන්ත තත්ත්වයට මුහුණ පා තිබේ.

මේ අතර සිසුවියන් දෙදෙනාට පහරදී සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්