header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි
Feb 23, 202607:38 PM
2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි
Mobitel 1278

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ "Travelers’ Choice Awards Best of the Best" ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.

මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි "Best of the Best" සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමිනි.

පසුගිය මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.

දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, එහි ඇති ස්වභාවික සුන්දරත්වය සහ නිසල ජලය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇත.

මිරිස්ස වෙරළ තීරයේ, සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථාන සහ Coconut Tree Hill ආශ්‍රිතව නැරඹිය හැකි හිරු බැස යන දර්ශනය Tripadvisor හි විශේෂ ඇගයීමට ලක්ව තිබේ.

බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ලොව සුප්‍රකට ගමනාන්තයකි. සර්ෆින් සඳහා පවතින පහසුකම් මෙන්ම එහි ඇති සුදු වැලි තලාව සංචාරකයින්ගේ ඉහළම මනාපය දිනා ගැනීමට හේතු වී ඇත.

2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් ලයිස්තුව පහතින් දැක්වේ.

01. Banana Beach (Phuket)තායිලන්තය

02. Kelingking Beach (Nusa Penida)ඉන්දුනීසියාව

03. Radhanagar Beach (Havelock Island)ඉන්දියාව

04. Palolem Beach (Canacona)ඉන්දියාව

05. Mirissa Beach ශ්‍රී ලංකාව

06. White Beach (Panay Island)පිලිපීනය

07. Bentota Beach ශ්‍රී ලංකාව

08. Railay Beach (Krabi)තායිලන්තය

09. Nusa Dua Beach (Bali)ඉන්දුනීසියාව

10. Cenang Beach (Langkawi)මැලේසියාව

මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු නොඅනුමානය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්