
පානම ප්‍රදේශයේ, පානම වැව අසලදී පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ පානම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා දිය නෑම සඳහා පානම වැවට ගොස්, තම ගොවිතැන් කටයුතු සිදු කරන වාඩියට පැමිණෙමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































