header logo
SLIC
වෙනත් පුවත්
නායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේ
Feb 23, 202611:26 AM
නායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේ
Mobitel 1278

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.

ගත වූ පැය 24 තුළ, නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාවේ අඩුවීමක් නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව ඉදිරි කාලගුණ පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

නායයාමේ රතු නිවේදන ඉවත් කළ ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදියර දෙක යටතේ සහ අදියර එක යටතේ නිවේදනයන් නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟඉහළ කෝරළය, පහතදුම්බර, දොළුව, යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, අරණායක, දෙහිඕවිට, යටියන්තොට සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ, උකුවෙල, රත්තොට, විල්ගමුව සහ ලක්ගල, පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව සහ නිල්දණ්ඩහේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මෙසේ අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, කිරිඇල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මෙම නිවේදනය ක්‍රියාත්මකය.

මේ අතර බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක් සඳහා අදියර එක යටතේ විමසිල්ලෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා,

''පසුගිය දින කිහිපයේදී ඇතිවූ වර්ෂාව නිසා විශේෂයෙන්ම නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශයන්හි, කඳු බෑවුම් ජලයෙන් සංතෘප්ත වී ඇති නිසා ඉදිරියේදී ඇතිවන ඉතා සුළු වර්ෂාවකදී පවා ගල් පෙරළීම්, කණ්ඩි කඩාවැටීම්, නායයාම් සක්‍රිය වීම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්. එම නිසා මෙම ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව, ඒ වගේම මේ ප්‍රදේශයන් හරහා එදිනෙදා ගමන් කරන ජනතාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කරනු ලබන නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනවලට අනුව ක්‍රියාකරන මෙන් ඉල්ලා සිටිනවා''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව