header logo
SLIC
උණුසුම් පුවත්
ජීවිත තර්ජනයක් තියෙනවා නම් නීතිඥවරුන්ට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන් - හර්ෂණ නානායක්කාර
Feb 19, 202604:04 PM
ජීවිත තර්ජනයක් තියෙනවා නම් නීතිඥවරුන්ට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන් - හර්ෂණ නානායක්කාර
EDEX

තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට යම් නීතිඥවරයෙක්ට හැ‍ඟෙන්නේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බව ජාතික ඒකාබද්ධ හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකින බව ද ඔහු කීය.

අදාළ ඝාතනය සිදු කළ පිරිසට සමාව නොදෙන බවත් ඔවුන්ට නීතියෙන් බේරීමට ඉඩ‌ නොදෙන බවත් හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් සමස්ත නීතිඥවරුන්ට ජීවිත තර්ජන එල්ලවී නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

එය විපක්ෂය ඇතුළු කණ්ඩායම් විසින් නිර්මාණය කළ සටන් පාඨයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක්

මෙරට තුළ සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ 11ක් පමණ මේ වනවිට අධිකරණ පද්ධතිය තුළ පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මීට ප්‍රධානතම හේතුව මෙහි සිටින කාර්ය මණ්ඩලය හිඟය වන අතර එය මාර්තු හෝ අප්‍රේල් වනවිට අවසන් කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හොරුන් සිරගත කිරීම අධිකරණ අමාත්‍යංශයේ කාර්යය නොවන බවත් එය විධිමත් ආකාරයෙන් පොලීස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර සිදු කළ යුතු බවත් හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මෙම නඩු විභාග කිරීම වේගවත් කිරීමට වත්මන් අගවිනිසුරුවරයා විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

ඒ අනුව නව අධිකරණ කිහිපයක් පිහිටුවීමට නියමිත බවත් අලුත්කඩය අධිකරණ සංකීර්ණය තුළ තවත් උසාවි පහක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බවත් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේය.

නඩු විභාග කිරීම ඩිජිටල්කරණයට ලක් කිරීම හේතුවෙන් වියදම් රැසක් අඩුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර අධිකරණ ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව පැවැති ලෝහ වර්ග වෙන්දේසි කිරීමෙන් රුපියල් මිලියන 952ක ලාභයක් උපයා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට