T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද
February 19, 2026 07:21 am
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.
මේ වන විටත් කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබේ.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.
ආබාධයට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයේ දී විවේක ගැන්වෙනු ඇති බව ද වාර්තා වේ.
සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 22 වන දින පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.
