
බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක තාරීක් රෙහ්මාන් එරට 11 වැනි අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබුණි.
ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති පදවිප්‍රාප්ති උත්සවයකදීය.
ශිෂ්‍ය අරගලයකින් පැවති බලය පෙරලා දැමීමෙන් පසු රටතුළ පැවත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය පෙබරවාරි 12 වනදා පැවැත්වුණු අතර එහිදී දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් 60 හැවිරිදි රෙහ්මාන්, එරට හිටපු ජනාධිපති සියාවුර් රෙහ්මාන් සහ හිටපු අගමැතිනී ඛලිඩා ෂියාගේ පුත්‍රයා ය.

















































