header logo
SLIC
විශේෂාංග
ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් මියයන බවට අනාවරණයක්
Feb 16, 202605:12 PM
ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් මියයන බවට අනාවරණයක්
Mobitel 1278

ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මියයන බවට අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණි.

මෙවර ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ තේමාව වූයේ "ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු" යන්න වන අතර ලෝක ඒකත්වයේ බලපෑම සහ ළමුන් සියල්ලන්ට සමාන පිළිකා සත්කාර ලබාදීම සඳහා ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්වයන් මෙමගින් අවධාරණය කෙරේ.

ලංකාව තුළ මෙන්ම ලෝකයේ ක්‍රමිකව වර්ධනය වන ඉතා දරුණූ ගනයේ රෝගයක් වන මෙම පිළිකා රෝගය සම්බන්ධයෙන් 'අද දෙරණ REBUILD SRILANKA' වැඩසටහනට එක්වෙමින් වෛද්‍යවරුන් කරුණූ සඳහන් කරන්නට විය.

මෙරට දිනක් තුළ පිළිකා ආසාදිතයින් 40 දෙනෙකු පමණ මියයන බව ලෝක සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර, සෑම පැය 24ක් ඇතුළත මෙරටින් පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනා ගැනෙන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

ගෝලීය දත්ත විශ්ලේෂණයට අනුව වසරකට හදුනාගනු ලබන නව ළමා පිළිකා රෝගීන් ගණන ලක්ෂ 4ක් බව සඳහන් වෙයි.

වාර්ෂිකව ලෝකයේ පිළිකා රෝගයෙන් ළමුන් 91,250ක් පමණ මියයන අතර සෑම දිනයකටම ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මියයනු ලබයි.

ගෙවීගිය දත්ත අනුව ක්‍රමිකව අවුරුදු 18ට අඩු ළමුන් පිළිකා සඳහා ගොදුරු වීම වර්ධනය වී ඇති බව සඳහන් වෙයි.

ලෝකයේ පිළිකා පර්යේෂණ ආයතනයන්ට අනුව 2022දී ලෝකයේ නව පිළිකා රෝගීන් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් හදුනාගෙන තිබේ.

මේ අතර, ගෝලීය වශයෙන් 2022දී පිළිකා සම්බන්ධ මරණ මිලියන 13ක් පමණ සිදුව ඇති බව සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවන පරිදි 2030වනවිට වසරකට වාර්තාවන නව පිළිකා රෝගීන් ගණන මිලියන 22-27ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් ය.

ලංකාව තුළ කාන්තාවන්ට හා පුරුෂයන්ට ඇතිවන පිළිකා

මෙරට කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දෙන පිළිකාවන් ලෙස පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා හඳුනාගත හැකිය.

මෙරට පුරුෂ පාර්ශවය වැඩි වශයෙන් මුහුණ දෙන පිළිකා ලෙස මුඛ පිළිකා, පෙනහළු පිළිකා, ගලනාල පිළිකා ප්‍රධාන වෙයි.

ගර්භාෂ පිළිකා සහ ඩිම්භකෝෂ පිළිකා - වෛද්‍ය ජාලිය ජයසේකර

ගර්භාෂ පිළිකා සහ ඩිම්භකෝෂ පිළිකා කාන්තාවන් අතර බහුල පවතින පිළිකා වර්ගයන් ලෙස හඳුනා ගැනෙන බව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පවසයි.

ගර්භාෂ පිළිකා ගත්කළ අසාමාන්‍ය රුධිර වහනය , උදරය විශාල වීම, මුත්‍රා කිරීමේ සහ මලපහ කිරීමේ පුරුදුවල වෙනස්කම් ඇති වීම,උදරයේ යම්කිසි වෙනස්කම් ඇතිවීම යන රෝග ලක්ෂණ හදුනාගත හැකි බව එතුමා පවසයි.

ඩිම්භ කෝෂ පිළිකා සඳහා වන රෝග ලක්ෂණ ලෙස කල් පවතින උදරයේ ආම්ලිකතාව ,උදරය පුරවාදැමීම, උදරයේ වේදනාව දැවිල්ල, ආහාර අරුචිය, මුත්‍රා කිරීමේ සහ මලපහ කිරීමේ පුරුදුවල වෙනස්කම් ඇති වීම හදුනාගත හැකි බව එතුමා පවසයි.

මෙම වෙනස්වීම් ඇතැම්විට පිළිකාවක මුලික ලක්ෂණ විය හැකි බවද මෙම සියලු ලක්ෂණ පිළිකා හේතුවෙන් ඇතිවන රෝග නොවිය හැකි නමුත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් බව වෛද්‍යවරයා පැවසීය.

විටකන බහුතරයකට මුඛ පිළිකා - වෛද්‍ය ප්‍රසන්න ජයසේකර

මුඛ පිළිකා ඇතිවීමට මූලික හේතුව ලෙස බුලත් විට ආහාරයට ගැනීම ලෙස සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසයි.

ලංකාවේ පුරුෂයන් අතර වැඩිවශයෙන් ඇතිවන්නාවූ පිළිකා වර්ගයක් ලෙස මෙම මුඛ පිළිකා හදුනා ගැනේ.

ලංකාවේ වැඩිහිටි ජනතාවගෙන් 30%ක් බුලත් විට ආහාරයට ගන්නා බව සමීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කරයි.

බුලත් විටේ ඇති දුංකොළ සහ පුවක් යන ද්‍රව්‍ය අතරින් මෙම දුංකොළ තුළ පිළිකා ද්‍රව‍්‍ය 28ක් අන්තර්ගතව ඇති බවද පුවක් තුළද මෙම පිළිකා ද්‍රව්‍ය 04ක් අන්තර්ගත බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මුල් අවදියේදීම පිළිකා හදුනාගතහොත් එය පාලනය කළ හැකියි - වෛද්‍ය එම්. අයි එල්ලාවල

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකර ඇති ඇස්තමේන්තු අනුව මුල් අවදියේදීම පිළිකා හදුනාගතහොත් පිළිකාවලින් 3/1ක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ බත්තරමුල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. අයි එල්ලාවල මහතා පවසයි.

මේ අතර පාසල් තුළ වැඩබිම් තුළ මේ සම්බන්ධයෙන් නිරන්තර ප්‍රජාව දැනුවත් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නිරන්තර ඉහළ යන පිළිකා රෝගීන්

ශ්‍රී ලංකාව තුළ 1985දී වාර්ෂිකව පිළිකා රෝගීන් 5012ක්ද, 1995 පිළිකා රෝගීන් 7325ක්ද, 2005දී පිළිකා රෝගීන් 13,372ක්ද, 2015දී පිළිකා රෝගීන් 28,967ක්ද, 2022දී පිළිකා රෝගීන් 35,855ක්ද, වශයෙන් දිනෙන් දින මෙම පිළිකා රෝගීන් වර්ධනය වෙයි.

ලොකයේම මෙම පිළිකා රෝගීන් සංඛ්‍යාත්මනව වැඩිවීමක් පෙන්වන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්