header logo
SLIC
විශේෂාංග
මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
Feb 13, 202608:55 AM
මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
Mobitel 1278

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්තවිය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත විය.

පාසල් සමය සහ උසස් අධ්‍යාපන කටයුතු

1934 අගෝස්තු 30 දින නුවරඑළියේදී උපන් උපාලි තිස්ස විතාරණ වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ගමන් ආරම්භ කළේය.

එන්. පී. මැගී පෙරේරා සහ පීරිස් විතාරණ අයගේ පුත්‍රයා වූ තිස්ස විතාරණ මහතා ප්‍රකට වාමාංශික දේශපාලනඥයෙකු වූ එන්. එම්. පෙරේරා බැනුවන්ද වෙයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදැරූ තිස්ස විතාරණ මහතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහු මෙම පාසල් දෙකෙහිම ක්‍රිකට් කණ්ඩායම්ද නියෝජනය කර ඇත.

තිස්ස විතාරණ මහතා 1965 දී University of Ceylon වෙතින් සායනික වෛද්‍ය විද්‍යාවේ උපාධිය ලබාගත්තේය.

ඔහුගේ උසස් අධ්‍යාපන ගමන අරම්භ කරන්නේ, එක්සත් රාජධානියෙන්ය.

තිස්ස විතාරණ මහතා විසින් 1968 දී London School of Hygiene & Tropical Medicine වෙතින් බැක්ටීරියා විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත්තේය.

තිස්ස විතාරණ මහතා වෛරස් විද්‍යාව පිළිබඳ සිය Ph.D. උපාධිය සම්පූර්ණ කරනු ලබන්නේ 1971 වසරේදීය. ඒ University of London වෙතින්ය.

1959–1967 කාලය තුළ ඔහු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 1963/64 වසරවලදී කොළඹ ජාතික රෝහලේ හි රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළේය.

වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ සේවය

1972 සිට 1994 දී ඔහු Medical Research Institute (MRI) වෙත එක්වී වෛරස් විද්‍යා අංශ ප්‍රධානියා ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය.

එමෙන්ම 1983 සිට 1994 දක්වා MRI හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

1980 දශකයේදී ඔහු Edinburgh City Hospital හි උපදේශක වෛරස් විද්‍යාඥයෙකු ලෙසත් 1991 සිට 1993 දී Victoria Infectious Diseases Reference Laboratory හි උප අධ්‍යක්ෂවරයා ලෙසත් සුවිශේෂී සේවය කළේය.

1994 දී විශ්‍රාමය ලැබූ ඔහු 1995 සිට 2000 දී University of Sri Jayewardenepura හි ක්ෂුද්‍ර ජීව විද්‍යා ප්‍රවීණ පුරෝගාමී පාඨමාලා ආචාර්යවරයෙකු ලෙසත් සහ 1994 සිට 2001 දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.

දේශපාලන කටයුතු

1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙමින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ ඔහු, පසුව එම පක්ෂයේ නායකත්වයටද පත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව පිහිටුවා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) යටතේ 2004 වසරේදී ඔහු පළමු වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.

2004–2015 කාලය තුළ ඔහු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා, විද්‍යාත්මක කටයුතු ජ්‍යේෂ්ඨ අමාත්‍ය යන ධුර හොබවා තිබේ.

පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ තරුණ විද්‍යාඥයන්ට අවස්ථා සලසීම සඳහා තිස්ස විතාරණ මහතා, මහත් උත්සාහයක යෙදුණුහ.

2017 දී ඔහුට විද්‍යා ජ්‍යෝති (Vidya Jyothi) සම්මානය හිමි විය. 2019 දෙසැම්බර් 4 දා උතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව