header logo
Vallibel FD
උණුසුම් පුවත්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්
Feb 11, 202603:16 PM
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්
Mobitel 1278

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තවදුරටත් ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කර තිබේ.

එමෙන්ම එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි... පසුගිය නඩු දිනයේ මෙහි සැකකරුවන් යන, එන අවස්ථාවේ අධිකරණයේ ගේට්ටුව අසල පිරිසක් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියා. ඇතැම් නීතිඥවරු සහ දේශපාලකයින් මේ නඩුව ගැන ප්‍රකාශ සිදුකළා මාධ්‍යවලට. එහිදී අත්හිටවූ සිර දඬුවම් නියම වී සිටි පුද්ගලයෙකු මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කළා. එම පුද්ගලයා රජයේ සේවකයන් බිය ගන්වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා. ස්වාමීනි.. මේ නඩුවේ සියලු සාක්ෂිකරුවන් රජයේ සේවකයින්. මේ හරහා නඩුවේ සාක්ෂිකරුවන් බිය ගැන්වීමට උත්සාහ කර තිබෙනවා. ඒ හරහා අපිට සහ විමර්ශන නිලධාරීන් බිය ගැන්වීමට කටයුතු කර තිබෙනවා. ස්වාමීනි.. ඔබතුමාගේ අධිකරණයට පැමිණෙන්නේ බොහෝ විට සුදු කරපටි අපරාධකාරයින්. එනිසා මම ඉල්ලීමක් කරනවා මීළඟ දිනයේ මේ නඩුව කැඳවන විට ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට" යනුවෙන් පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා ''මේ ඉල්ලීම පිළිබඳව අධිකරණය සලකා බලනවා. අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඕනම පුරවැසියෙකුට අයිතිවාසිකම් තිබෙනවා. එය සීමා කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ පමණයි. රජයේ සේවකයින්ට හා නිලධාරීන්ට බලපෑම් එල්ල නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සියලු දෙනා වගබලාගත යුතුයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා "ස්වාමීනී.. මේ දෙවන සැකකාර සමන් ඒකනායක නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එහිදී මේ සැකකරු ප්‍රකාශ කර තිබෙනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය transit එකක් බවට. හිටපු ජනාධිපතිවරයා තම බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි වීම සඳහා එහි ගිය බව තමන් දැන නොසිටි බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ නම සොමිසාර ඒකනායක කියලා මම පසුගියදා අධිකරණය හමුවේ පැවසුවා. ඒ ගැන බොහෝ අය අපහාසයට ලක් කරල තිබුණා. මම ඔහුගේ නම සඳහන් කළේ අපහාස කිරීමේ අරමුණින් නෙවෙයි. හොඳ සිංහල නම්වලට අපි ගරු කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුට අපහසුතාවයක් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. ඔහුගේ ප්‍රකාශය ඔහු සඳහන් කර තිබෙනවා නිවසේදී වගේම විශ්වවිද්‍යාල මිත්‍රයින් අතර ඔහුට සමන් ඒකනායක කියා ආමන්ත්‍රණය කරනවා කියලා. සැකකරු ප්‍රශ්නගත විදේශ සංචාරයට අදාළ ලේඛනයක යම්කිසි රවුමක් යොදා තිබෙනවා. ඔහු තමයි එම ලිපියේ තිබුණු ප්‍රයිවට් විසිට් කියන කොටස හලලා ඒකට official විසිට් කියන කෑල්ල දැම්මේ. එම ලේඛනයේ ඔහු රවුමක් යොදා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහුගේ අත්අකුරු පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ අනුව ඔහුගේ අත් අකුරු සාම්පල රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර පතනවා" යනුවෙන් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ අත්අකුරු සාම්පල රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කර තිබේ.

මේ අතර තවත් දැනුම්දීමක් අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පසුගියදා අධිකරණය කළ නියෝගයකට අනුව මෙම විමර්ශනයට අදාළ ප්‍රශ්න නවයක් ඇතුළත් ප්‍රශ්නාවලියක් බ්‍රිතාන්‍යයේ වුල්හැම්ටන් විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවත් ඊට පිළිතුරු මේ දක්වා ලැබී නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය. ''ස්වාමීනි... මගේ සේවා දායකයා අවුරුදු තිස් නවයක පළ පුරුද්දක් සහිත රාජ්‍ය සේවකයෙක්. ඔහු යම්කිසි ලේඛනයක රවුමක් යෙදූ බව පැමිණිල්ල ප්‍රකාශ කළා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීනි.. මේ සංචාරයට අදාළ ලිපිය මුලින්ම එවන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති සරෝජා සිරිසේන විසින්. එම ලිපිය එන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට. මේ සැකකරුට මේ ලිපිය ලැබෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් මස 7වනදා. ජනාධිපතිවරයාගේ මේ සංචාරයට අවශ්‍ය බජට් එක සකස් කරල තිබෙන්නේ සරෝජා සිරිසේන. ඊට අවශ්‍ය කටයුතුවලට පෞද්ගලික සමාගම තෝරගෙන තිබෙන්නෙත් සරෝජා සිරිසේන විසින්. ඇය තමයි බජට් එක එවලා තිබෙන්නේ. ඒක අනුමත කිරීම පමණයි මේ සැකකරු කරල තිබෙන්නේ. ඔහුට වෙන විකල්පයක් නෑ. ඔහු අනුමත කළ යුතුයි. මේ තුළින් ඔහු අයුතු ලාභයක් ලබාගෙන නෑ. ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරයක් කරලත් නෑ. 2023 සහ 2024 වසර වලට අදාල විගණකාධිපතිවරයාගේ වාර්තාවෙනුත් මේ ගෙවීම අනුමත කර තිබෙනවා. කිසිදු ආකාරයක වංක චේතනාවකින් කටයුතු කර නෑ" එබැවින් මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා "ස්වාමීනි... මේ සැකකරු දූෂිත පුද්ගලයෙක් කියලා මම කියන්නේ නෑ. එහෙත් මොහු බරපතළ අපරාධකරුවෙකුගේ ස්වරූපය තමයි ක්‍රියා කර තිබෙන්නේ. මේ ගමනට අදාල බජට් එක අනුමත කළේ සරෝජා සිරිසේන කියලා සැකකරුගේ නීතිඥ මහතා කිව්වා. මේ ප්‍රශ්න ගත ගමන සිදු වෙන්නේ රට ආර්ථික අර්බුදයට ලක්වෙලා රට බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර තිබෙන අවස්ථාවක. මේ ගමනේදී පැය තිස් හයක් සඳහා රුපියල් ලක්ෂ 162කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. පැයකට පන් ලක්ෂයට අධික මුදලක් වැය කර තිබෙනවා. මේ වගේ විශාල බජට් එකක් එව්වම ඒවා අනුමත කරන්න කලින් මේ සැකකරු අහන්න තිබුණා මෙච්චර මුදලක් ඉල්ලන්නේ ඇයි කියලා. ඔහු පලපුරුදු රාජ්‍ය සේවකයෙක් නම් ඒ ආකාරයෙන් තමයි කටයුතු කළ යුත්තේ. පසුව මේ ගමන පුද්ගලික සංචාරයක් බව දැන ගත්තට පස්සේ ඒ මුදල ජනාධිපතිවරයාගෙන් අය කරගන්න ඔහුට හැකියාව තිබුණා. නමුත් ඔහු එහෙම කටයුතු කරල නෑ. පලපුරුදු රාජ්‍ය සේවකයන් කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා නීති විරෝධී ගෙවීමකට තමයි ඔහු තමන්ගේ රාජ්‍ය මුද්‍රාව තබා තිබෙන්නේ. ඒ වගේම මේ සැකකරු පසුගියදා රිමාන්ඩ් භාරයට රැගෙන යන අවස්ථාවේදීම ඔහු අත්දෙක උස්සමින් ජනමාධ්‍යවලට ප්‍රකාශ කළා "ජයවේවා" කියලා. ඔහු ජයවේවා කිව්වේ කාටද ? සැකකරුවෙකු මෙහෙම කටයුතු කරන්නේ කොහොමද? ඒ නිසා මෙම ඇප ඉල්ලීමට අපි තරයේ විරුද්ධ වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකළ මහේස්ත්‍රාත්වරයා "පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කළ විට ඔහුගේ අයිතිවාසිකම් සීමා වෙනවා. එනිසා රිමාන්ඩ් භාරයට පත්කළ පුද්ගලයෙකුට මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. එවැනි තත්ත්වයක් ඇති වුවොත් අධිකරණයට සිදුවෙනවා නිසි පියවර ගන්න." යනුවෙන් පැවසුවේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා "මේ ප්‍රශ්නගත සංචාරයට සහභාගි වූ මෛත්‍රී වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය මේ සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතා කර තිබේදැයි විමර්ශනයක් සිදු කරන ලෙස මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය.

දෙපාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ''සාමාන්‍ය නිතිය යටතේ සැකකරුවකට ඇප නියම කිරීමේදී හේතු ප්‍රකාශ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පොදු දේපළ පනත යටතේ ඇප සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීමේදී හේතු ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යයි. ඒ අනුව මේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම ලබන 18වනදා දක්වා කල් තබනවා." යනුවෙන් පැවසුවේය.

ඒ අනුව සැකකාර සමන් ඒකනායක මහතා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්