
පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් රට පුරා මගී ජනතාව බලවත් අසීරුතාවකට මුහුණ පා ඇතැයි අද දෙරණ වාර්තාකරුවෝ පවසති.
ලංගම බස් මෙන්ම ඇතැම් විට කලාතුරකින් පුද්ගලික බස් රථයක් දෙකක් ධාවනය වුවද මගී අවශ්‍යතා සපුරන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අප වාර්තාකරුවන් පෙන්වාදෙයි.
මහනුවර,ගාල්ල,කුරුණෑගල ආදී නගරවල විශාල වශයෙන් ජනතාවක් මහ මග රස්තියාදුවෙමින් සිටින වග වාර්තා වේ.

















































