බාල ගල්අඟුරු සිද්ධියේදී ඩො.මි 2.1ක දඩයක් අයකර ගනී
January 28, 2026 04:22 pm
නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අය කරගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.
මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ කරුණු දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු පැවසුවේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විශේඥයෝ ඉදිරියේ අදාළ ගල් අඟුරු සාම්පල ලබා ගත් අතර එම සාම්පල ඉන්දීයාවවට යවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.
කෙසේ වෙතත් දෙවැනියට ගෙන ආ ගල් අඟුරු නෞකාවේ සාම්පල වාර්තා වල කිසිදු ගැටලුවක් නොමැති බවද ඒ මහා පවසයි.
තෙවැනි නැව සහ සිව්වැනි නෞකා ද මේ වනවිට ගොඩ බාමින් සිටින බව ඒ මහතා වැඩිදුරත් සඳහන් කළේය.
එමෙන්ම ගල් අඟුරු දැවීමෙන් ඇතිවන අළු වලින් පරිසරයට කිසිදු හානියක් සිදු නොවන බවට සහතික විය හැකි බවද ඒ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදාළ විශේෂඥයින්ගෙන් විමසා බැලූ බවත් එහිදී ඔවුන් එ සම්බන්ධයෙන් තමාට පැහැදිලිකළ දුන් බවත් ඒ මහතා සඳහන් කළේය.
එහිදී ඔහු පැවසුවේ ගල් අඟුරු භාවිත කිරීමෙදී නිපදවන අළු කොටස් වර්ග දෙකක් පවතින බවත්, එම fly ash සහ bottom ash යන අළු වලින් පරිසරයට කිසිදු හානියන් සිදු නොවන බවත්ය.
එමෙන්ම fly ash සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බැවින් එම අළු ඒ සඳහාම නිෂ්පාදිත යන්ත්‍ර භාවිත කර පරිසරයට නිරාවරණය නොව ආකාරයට අදාළ ඉල්ලුම්කරුවන් විසින් රැගෙන යන බවට තමාට අදාළ විශේෂඥයන් සහතික කළ බවද ඒ මහතා පවසයි.
එබැවින් fly ash ලෙස හඳුන්ව අළු විලින් කිසිදු හානියක් සිදු නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
