header logo
Vallibel FD
උණුසුම් පුවත්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
Jan 28, 202603:41 PM
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
Mobitel 1278

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

------------------------------------

UPDATE

අද පැවති නඩුකරයේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා,

"ස්වාමීනි.... මෙම නඩු කරයේ දෙවැනි සැකකරු හැටියට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම් කර තිබෙනවා. මේ පුද්ගලයා නීතිය මගහැර සිටීමට දක්ෂ පළපුරුදු අපරාධකාරයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය පුද්ගලික සංචාරයක් වශයෙන් තමයි මුලින්ම ලිපිවල සඳහන් කලේ. පසුව මේ පුද්ගලයා තමයි එම ලිපිවල තිබෙන ප්‍රයිවට් කියන වචනය ඉවත් කර ඊට official කියන වචනය එකතු කලේ. මොහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක්. මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා." ඒ නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි... මේ සැකකරු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කිසිදු ආකාරයක රාජ්‍ය මුදල් අභාවිතාවක් කරලා නෑ. ඔහුට කිසිම ලාභයක් මේකෙන් ලැබිලත් නෑ. ඔහු අධිකරණයට ඇවිත් ඉදිරිපත් වී තිබෙනවා". ඒ නිසා ඔහු ඇපමත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් "එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය පුද්ගලික සංචාරයක් බව පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශ ලබාගෙන නෑ. ඒ නිසා එම ප්‍රකාශ ඉක්මනින් ලබාගන්න. ඒ සඳහා බ්‍රිතාන්‍යයට යාමට අවශ්‍ය නෑ. මාර්ගගත ක්‍රමයකින් එය කිරීමට හැකියාවක් තිබෙනවා" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට යළි අප්‍රේල් මස 29 වනදා පෙනී සිටින ලෙස නියම කළේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතාගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා "මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී පොදු දේපල පනත කෙරෙහි අධිකරණය අවධානය යොමු කරනවා. පොදු දේපල පනත යටතේ ඇප ප්‍රධානය කිරීමට නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් විය යුතුයි. මේ සැකකරු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානියා වශයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් ඔහුට දැඩි වගකීමක් තිබෙනවා. නමුත් මේ නඩුකරයට අදාළ රුපියල් මිලියන 16කට වැඩි මුදල අනුමත කිරීමේදී ඔහු දැඩි අවධානයෙන් කටයුතු කර තිබෙන ආකාරයක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව තුළ සුපිළිපන් භාවයක් හෝ පරීක්ෂාකාරී භාවයක් තිබී නෑ. සැකකර ජනාධිපති ලේකම්වරයා කියන කාරණය අමතක කර සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සැලකුවොත් මේ අධිකරණය කටයුතු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු වෙනවා" යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා "සැකකාර සමන් ඒකනායක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු ලෙස පැමිණිල්ල පැවසුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට එකඟ වීමට හැකියාවක් නෑ. මොකද ඔහු එක් අවස්ථාවකදී හැර සැම අවස්ථාවක දීම අධිකරණයේ පෙනී සිටියා. නමුත් ඔහුට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන කරුණු අසාමාන්‍ය කරුණු වශයෙන් අධිකරණයට පිළිගන්න බැහැ" ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් බන්ධනාගාරය තුළදී මේ සැකකාර සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ විත්තියේ නීතිඥවරු අතර වරින් වර උණුසුම් වචන හුවමාරු වූ අතර ඒවා මහේස්ත්‍රාත්වරයා මැතිහත්වී සමථයට පත් කරන ආකාරයක්ද දක්නට ලැබිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට