header logo
Vallibel FD
උණුසුම් පුවත්
අධ්‍යාපනය යනු විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි - අගමැති
Jan 28, 202602:52 PM
අධ්‍යාපනය යනු විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි - අගමැති
Mobitel 1278

​ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති "ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024-2027)" යටතේ, දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.

​යුරෝපීය සංගමයේ (European Union) මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ, ​පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීම, ​ප්‍රතිපත්ති සම්පාදකයින්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ විධිමත් අධ්‍යාපන පාර්ශවකරුවන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, ​2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්‍රය තුළ තිරසාර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම සැකසීමයි.

​වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

​"අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි. සැබෑ අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ සමාජය සහ පරිසරය කෙරෙහි වගකීමක් මෙන්ම බැඳීමක් ඇති කිරීමයි. වර්තමානය වන විට අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා වූ 'චක්‍රීය ආර්ථික' (Circular Economy) සංකල්පයයි.

​මෙම සංකල්පය අපේ පැරැන්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මතකයට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යාම අවම කිරීමට දැක්වූයේ පුදුම දක්ෂතාවයක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලිවලින් එදා ඇය රසවත් ජෑම් සහ චට්නි සෑදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවායින් නිවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. 'කිසිවක් ඉවත නොදැමීම' ඔවුන්ගේ ජීවන දර්ශනයයි.

​නමුත් අද කාන්තාව දැඩි කාර්යබහුලත්වයකට මුහුණ දී සිටිනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතරතුර, කාලය නොමැතිකම නිසා ශීතකරණය තුළ එළවළු හෝ ආහාර ස්වල්පයක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය හුදෙක් කාන්තාවගේ පමණක් වගකීමක් නොවිය යුතුයි; නිවසක් තුළ මේ වගකීම් සහ ශ්‍රමය සාමූහිකව බෙදාගත යුතුයි.

​ආහාර බෙදාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරිසිදු කරගැනීම සහ සම්පත් සුරැකීමට පෙළඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටාවන් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්