header logo
SLIC
උණුසුම් පුවත්
වෛද්‍ය වර්ජනය ඉදිරි පැය 24 දක්වාත්
Jan 24, 202603:18 PM
වෛද්‍ය වර්ජනය ඉදිරි පැය 24 දක්වාත්
Mobitel 1278

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (23) දින ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඉදිරි පැය 24 දක්වාද ක්‍රියාත්මක බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා පැවසුවේ ඒ අනුව මෙම වැඩවර්ජනය ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් ඇතුලු සියලුම රෝහල්වල ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

කෙසේ නමුත් මානුෂීය පදනම මත ළමා රෝහල්, මාතෘ රෝග, පිළිකා සහ වකුගඩු සම්බන්ධ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ හදිසි ප්‍රතිකාර සේවාද කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමටද කටයුතු කර ඇති බවය.

එමෙන්ම මෙම වැඩවර්ජනය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවන බවත් පෙන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ වෛද්‍යවරුන්ට මතුව ඇති මෙම ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළ බවත් ඇතැම් අවස්ථාවල මෙම සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා නොදීමටද රජය විසින් කටයුතු කළ බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා,

"අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණා මීට පැය 24කට කළින් ඒක අපි ගත්තේ පැය 48ක් ඒ කියන්නේ තව පැය 24ක් අපි මේක ඒ විදිහටම පවත්වාගෙන යනවා. ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් සියල්ලක්ම මේකට සම්බන්ධ වෙලා ඉන්නවා හැබැයි ළමා රෝග, මාතෘ රෝග, පිළිකා රෝග, වකුගඩු රෝග සම්බන්ධයෙන් ක්‍රියා කරන රෝහල් අපි මේකට සම්බන්ධ කරගන්නේ නෑ මානුෂීය පදනම මත. වර්ජනයක් කියුවාට මේක හදිසියේ ඇතිවූ තත්ත්වයක් නෙමෙයි. අපි ඉතාමත් දීර්ඝ කාලයක් අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පැවැතියා. ගොඩක් වෙලාවට රජය එතරම් කැමැත්තකින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණෙත් නෑ. සමහර වෙලාවට අපිට සාකච්ඡාවක් ලබා දුන්නෙත් නැහැ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය අපිත් එක්ක සුහදශීලි සාකච්ඡාවක් ලබා දුන්නා නම් අපිට වර්ජනයකට යන්න ඕනේ නැහැ. නමුත් රජය බොහොම සංවෘත්ත තත්ත්වයක් තමයි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අනුගමය කළේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් කරුණු විකෘති කරලා සෞඛ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදීත් අදහස් දක්වලා සත්‍ය තනිකර විකෘති කරලා. මොකද අපි එතුමත් එක්ක සාකච්ඡා කරන්න උපරිම වශයෙන් අවස්ථාව ඉල්ලුවත් බොහොම අඩුයි ඒ සඳහා අපිට අවස්ථාව දුන්නේ. මෙතනදි රජයේ රෝහල්වල සාමාන්‍ය කටයුතු තමයි අඩපණ වෙලා තියෙන්නේ නමුත් හදිසි ප්‍රතිකාර සේවා කිසිදු අඩුවක් නැතිව කරගෙන යනවා. යම් රෝගියෙක් ආවොත් අපි නොපැකිළිව ඒ කටයුතු සිදුකරගෙන යනවා. කිසියම් කෙනෙක් හිතනවා නම් මේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් මේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නෑ කියලා රජයේ රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන් අපි එයාව හොඳින් බලා ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා