හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

January 22, 2026   04:25 pm

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.

2017 වසරේ දී ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකළ බවට හිටපු ඛණිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග  යන අයට චෝදනා එල්ල වී තිබේ.